Watch : ධනංජය අතින් ගිලිහී ගිය උඩ පන්දුවට විනිසුරු දැක් වූ ප්‍රතිචාරය

Date:

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (18) වෙලින්ටන් හි Basin Reserve ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

දිනය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 155 ක් ලබා සිටි අතර, තේ පානය සදහා තරගය නතර කරන විට ඔවුන් කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 443ක්.

කේන් විලියම්සන් නොදැවී ලකුණු 189 ක් හා හෙන්රි නිකල්ස් නොදැවී ලකුණු 130 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඔවුන් දෙදෙනා අතර මේ වන විට ගොඩ නැගී ඇති නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 325* (437) ක්.

ටොම් ලේතම් ලකුණු 21 කට දවා ගැනීමට කසුන් රාජිත ඊයේ සමත් වුණා. ඩෙවෝන් කොන්වේ ලකුණු 78 කට දැවී ගියේ ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් ලබා දෙමින්.

මේ අතර, මේ වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටින හෙන්රි නිකල්ස් ලකුණු 6ක් ලබා සිටියදී හා ලකුණු 92 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දු දෙකක් නිශාන් මදුෂ්ක හා ධනංජය ද සිල්වා අතින් ගිලිහී ගියා.

නිකල්ස් ලකුණු 92 ක් ලබා සිටියදී ධනංජය ද සිල්වා අතින් ගිලිහී ගියේ ඔහු විසින්ම යොමු කළ පන්දුවක් හමුවේ හෙන්රි නිකල්ස් ලබා දුන් උඩ පන්දුවක්.

එම අවස්ථාවේ දී විනිසුරුවරයා ඊට දැක් වූ ප්‍රතිචාරය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...