Watch : දුර්වල පහරකින් ධනංජයගේ ඉනිම නැවතුණ හැටි

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අදයි(10).

ක්‍රයිස්චර්ච් හී දී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය අද ආරම්භ කරන විට නවසීලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 305 ක්.

දිනයේ දෙවැනි පන්දුවාරයෙන්ම ශ්‍රී ලංකා පිලේ 7 වැනි කඩුල්ල දවා ගැනීමට නවසීලන්තය සමත් වුණා. ඒ, ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ ධනංජය ද සිල්වා දැවී යාමත් සමගයි.

පිට ඉන්නෙන් පිටතට දෝලනය වෙමින් ඇදී ගිය පන්දුවකට හඹා ගොස් පහරක් එල්ල කිරීමට යාමේ දී පිත්තේ යන්තමින් ගැටුණු පන්දුව කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලෙස ඇදී යාමෙනුයි ධනංජයට යළි ක්‍රීඩාගාරය වෙත හැරී යාමට සිදු වුණේ.

ඔහු දැවී යන විට පන්දු 59 කින් ලකුණු 46 ක් ලබා සිටියා. හයේ පහරක් හා හතරේ පහර 5 ක් ධනංජයගේ ඉනිමට ඇතුළත්.

ධනංජය දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන්ව තිබුණේ 316 ක් ලෙසයි.(එම කඩුල්ලේ දර්ශන පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...