Watch : තීක්ෂණගේ සුපිරි පන්දුවාරය මෙන්න

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අද(2) සමත් වුණේ පළමු පන්දුවාර 20යි 20 තරගයෙන් සුපිරි පන්දුවාරයේ දී තියුණු ජයක් වර්තා කරමින්.

Match Report : අසලංකගේ ප්‍රහාරය සුපිරි පන්දුවාරයේ දී ශ්‍රී ලංකාවට සුපිරි ජයක් හිමි කර දෙයි

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 196 ක් ලබා ගනිමින්.

ඒ අනුව ඔක්ලන්ඩ් හි පැවැති මෙම තරගය ජය ගැනීම සදහා ලකුණු 197 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ද ලකුණු 196 ක් පමණයි.

අනතුරුව මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පන්දුවාරය යොමු කළ අතර, එම පන්දුවාරයේ දී නවසීලන්තය රැස් කළේ ලකුණු 8ක් පමණයි.

පළමු පන්දුවට එක් ලකුණක් රැස් කිරීමට ඩැරල් මිචෙල් සමත් වූ අතර, දෙවැනි පන්දුව වයිඩ් පන්දුවක් ලෙස විනිසුරු සංඥා කළා. අනතුරුව යොමු කළ දෙවැනි නීත්‍යානුකූල පන්දුවේ දී ජේම්ස් නීෂම්ගේ කඩුල්ල දවා ගැනීමට තීක්ෂණ සමත් වුණේ ඔු විසින්ම විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගනිමින්.

එම පන්දුවාරය‌ේ තෙවැනි පන්දු නිලකුණු පන්දුවක් වුණා. සිව්වැනි පන්දුවට මාර්ක් චැප්මන් ලකුණු 2 ක් ලබා ගත්තා.

පස්වැනි පන්දුවට හතරේ පහරක් එල්ල කිරීමට චැප්මන් සමත් වූ අතර, තීරණාත්මක අවසන් පන්දුව යෝකර් පන්දුවක් ලෙස යොමු කරමින් චැප්මන්ගේ කඩුල්ල දවා ගැනීමට තීක්ෂණ සමත් වුණා. ඒ, පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමට සළස්වමින්.

ලකුණු 9ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම නිපන්දුවක් වූ තෙවැනි පන්දුවේ දී තරගයේ ජය තහවුරු කර ගත්තා. (1, 6, 5nb)

මහීෂ් තීක්ෂණ යොමු කළ සුපිරි පන්දුවාරය පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...