Watch : ජොෂ් ලිට්ල්ගේ සුපිරි කඩුලු ත්‍රිත්වය මෙන්න

Date:

අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් ලිට්ල් අද(4) කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත් වුණා.

ඒ, මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඇඩිලේඩ් හී දී අද නවසීලන්තයට එරෙහිව ආරම්භ වූ තරගයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නා.

ඒ අනුව නවසීලන්ත පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 185 ක් ලබා ගනිමින්.

කලකට පසු වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් පන්දු 35 කින් ලකුණු 61 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 3 ක් හා හතරේ පහර 5 ක් සමගින්.

පන්දු යැවීමේ දී ජොෂ් ලිට්ල් ලකුණු 22 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

ඔහු එම කඩුලු තුනම ඉනිමේ 19 වැනි පන්දුවාරයේ දී පිට පිට පන්දු තුනකදී දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීම කැපී පෙනුණා.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ කේන් විලියම්සන්, ජේම්ස් නීෂම් හා මිචෙල් සැන්ට්නර්.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...