US Open : ඉතිහාසගත වෙන්න යන ජොකොවික් පළමු තරගය ජය ගනියි

Date:

2024 වසරේ අවසන් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලිය වන ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලිය ඊයේ ආරම්භ වුණා.

සැප්තැම්බර් 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙවර තරගාවලියේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවික් සමත්ව සිටින අතර, ඔහු පළමු වටයේ දී මුහුණ දුන් තරගයෙන් මොල්ඩෝවාවේ රාදු අල්බට් ලකුණු 6-2 ක්, 6-2 ක් හා 6-4 ක් ලෙස පරාජයට පත් කිරීමට සමත් වුණා.

පසුගියවර ඇමෙරිකානු විවෘත කේවල ටෙනිස් ශූරතාවය දිනා ගත් 37 හැවිරිදි ජොකොවික් මීට සති කිහිපයකට පෙර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ද රන් පදක්කම දිනා ගත්තා.

මේ වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 24 ක් ජය ගෙන සිටින ජොකොවික් මෙවර ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවය ජය ගතහොත් ඉතිහාසගත වන්නේ වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා ගණනක් ජය ගත් ටෙනිස් ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ලෙසයි.

ඔහුට අමතරව ඕස්ට්‍රේලියානු හිටපු ටෙනිස් ක්‍රීඩිකාවක වන මාර්ගරට් කෝර්ට් ද ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 24 ක් ජය ගෙන තිබෙනවා.

මෙවර තරගාවලියේ කාන්තා හා පිරිමි කේවල ශූරතාවය දිනා ගන්නා ක්‍රීඩිකාවට හා ක්‍රීඩකයාට ඇමෙරිකානු ඩොලර් මිලියන 3.6 බැගින් මූල්‍ය ත්‍යාග හිමිවීමට නියමිතයි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 108 ක පමණ වටිනාකමක් වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...