Update : ශ්‍රී ලංකාව තවත් ලකුණු 83ක් පිටුපසින්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද(25) නිමා වුණේ තරගයේ පාලනය තවදුරටත් කණ්ඩායම් දෙකටම හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 282ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙන ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 58ක් ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 10ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිමේ දී බංග්ලාදේශයට වඩා පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 83ක්.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 143ක් ලබා සිටියා. ඒ වන විට දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 70ක් ලබා කඩුල්ලේ රැදී සිටි අතර, කසුන් රාජිත ලකුණු ලබා ගැනීම ආරම්භ කර තිබුණේ නැහැ.

දිනයේ පළමු කඩුල්ල ලෙස කසුන් රාජිත ලකුණු නොලබා සිටියදීම දැවී ගියේ එබඩොට් හොසේන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

දිමුත් ලකුණු 80(155)කට දැවී ගියා. හතරේ පහර 9ක් දිමුත්ගේ ඉනිමට ඇතුළත් වූ අතර, ඔහු දැවී ගියේ ශකිබ් අල් හසාන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

වර්ෂාව හේතුවෙන් දිවා ආහාරයෙන් පසුව තරගය ආරම්භ කිරීම පැය කිහියකින් ප්‍රමාද වුණා. මෙරට වේලාවෙන් තරගය පස්වරු 3.30ට යළි ආරම්භ කෙරුණේ අද දිනයේ දී තවත් පන්දුවාර 37ක් ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාවෙන්.

මැතිව්ස් හා ධනංජය ද සිල්වා පස්වැනි කඩුල්ල සදහා ගොඩ නැගූ සබදතාවය ලකුණු 102ක්. ධනංජය ලකුණු 58කට දවා ගැනීමට ශකිබ් අල් හසාන් සමත් වුණා. කඩුලු රකින ක්‍රීඩක ලිටොන් දාස් අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි ඔහු දැවී ගියේ.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඕෂද ප්‍රනාන්දු ලකුණු 57(91) කට ඊයේ දැවී ගියා. කුසල් මෙන්ඩිස් ලකුණු 11(49)යි.

අද දිනයේ දී වර්ෂාවෙන් සිදු වූ බාධා වීම හේතුවෙන් හෙට හා අනිද්දා දිනවලදී තරගය නියමිත වේලාවට වඩා පැය භාගයකට පෙර, එනම් මෙරට වේලාවෙන් පෙරවරු 9ට ආරම්භ කිරීමට නියමිතයි.

ඩකා නුවර මීර්පූර් හි ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 365ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...