U19 Asia Cup : ඇෆ්ඝනිස්තානය පැරද වූ ශ්‍රී ලංකාව B කාණ්ඩයේ පෙරමුණට

Date:

යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරදා ලකුණු 131 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඊයේ (1) සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට B කාණ්ඩයේ පෙරමුණේ පසුවන්නේ මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින්. බංග්ලාදේශය ද ක්‍රීඩා කළ තරග දෙකම ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

A කාණ්ඩයේ සියලු කණ්ඩායම් එක් තරගය බැගින් ක්‍රීඩා කර ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍ය එම කාණ්ඩයේ පළමු ස්ථානය ද, පාකිස්තානය දෙවැනි ස්ථානය ද හිමි කර ගෙන තිබෙනවා. ඉන්දියාවට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.

සාජාහීදී පැවැති 6 වැනි තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 243 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 28.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 112 ක් පමණයි.

ශ්‍රී ලංකා යොවුන් ඉනිම වෙනුවෙන් ශරුජන් ශන්මුගනාදන් ලකුණු 102 ක් ලබා ගත්තේ පන්දු 132 කින් හතරේ පහර 7ක් සමගින්. පුලිදු පෙරේරා ලකුණු 53 යි.

පන්දු යැවීමේ දී AM Ghazanfar ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගත්තා.

ඇෆ්ඝනිස්තාන යොවුන් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ Nazifullah Amiri. ඔහු ලකුණු 33 ක් ලබා ගත් අතර, Hamza Khan ලකුණු 32 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ප්‍රවීන් මනීෂ ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගත් අතර, නිව්ටන් රන්ජිත්කුමාර්, විරාන් චමුදිත හා විහස් තෙව්මික කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...