කෝලිගේ ශතකය අපතේ යවමින් ගිල්ගේ ශතකය RCB තරගාවලියෙන් ඉවතට ඇද දමයි

Date:

විරාත් කෝලි නොදැවී වාර්තා කළ ශතකය අපතේ යවමින් ෂුබ්මන් ගිල් රැස් කළ අගනා ශතකය හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 70 වැනි තරගය හෙවත් මූලික වටයේ අවසන් තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව මෙම තරගයෙන් පරාජයට පත් වූ බැංගලෝර් කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය හිමි කර ගනිමින් තරගාවලියේ අවසන් වටයට (Playoffs) සුදුසුකම් ලබා ගත්තා.

බැංගලූරුහී දී පැවැති තරගය වර්ෂාව හේතුවෙන් පැයක පමණ ප්‍රමාදයකින් පසුව ආරම්භ කෙරුණු අතර, කාසියේ වාසිය දිනූ ටයිටන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බැංගලෝර් කණ්ඩායමට ලබා දුන්නා. ඒ අනුව විරාත් කෝලි අඛන්ඩව රැස් කළ දෙවැනි ශතකයෙන් ශක්තිමත් වූ බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 197 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් පිල පන්දුවාර 19.1 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් පන්දු 52 කින් ලකුණු 102 ක් නොදැවී රැස් කළේ හයේ පහර 8 ක් හා හතරේ පහර 5 ක් සමගින්. හයේ පහරක් සමගින් ඔහු සිය ශතකය මෙන්ම ටයිටන්ස් කණ්ඩායමේ ජයග්‍රහනය ද තහවුරු කර දීම කැපී පෙනුණා. ඔහු ද අද වාර්තා කළේ අඛන්ඩව රැස් කළ දෙවැනි ශතකයයි.

විජයි ශන්කර් පන්දු 35 කින් ලකුණු 53 ක් රැස් කළා. දසුන් ශානක ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගිය අතර, ඩේවිඩ් මිලර් ලකුණු 6 යි. රාහුල් තෙවාටියා නොදැවී ලකුණු 4 ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී මොහමඩ් සිරාජ් ලකුණු 32 කට කඩුලු 2ක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් පිල වෙනුවෙන් කෝලි පන්දු 61 කින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 101 ක්. හයේ පහරක් හා හතරේ පහර 13 ක් කෝලිගේ ශතකය වර්ණවත් කළා.

ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 28 ක් ද, මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 26 ක් ද, අනුජ් රාවත් නොදැවී ලකුණු 23 ක් ද ලබා ගත්තා. පන්දු යැවීමේ දී නූර් අහ්මඩ් කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 39 ක් ලබා දෙමින්.

විජයි ශන්කර්ගේ දැවැන්ත හයේ පහරේ දර්ශන – (දර්ශන මූලාශ්‍රය BCCI/IPLT20)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...