Toss Report : තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ගාල්ලට

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගය හෙවත් මූලික වටයේ අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගන්නේ මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම පමණයි.

මෙම තරගය සදහා ද කොළඹ කණ්ඩායම වෙනුවෙන් නිත්‍ය නායක නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා නොකරන බැවින් චාමික කරුණාරත්න විසින් කණ්ඩායම මෙහෙයවනු ලබනවා.

කොළඹ කණ්ඩායමෙන් අද තරගය වෙනුවෙන් එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ආබාධයකට ලක් වීම හේතුවෙන් නසීම් ශාහ්ට මෙම තරගය අහිමි වී ඇති අතර, ඔහු වෙනුවට කණ්ඩායමට කැදවා ඇත්තේ ශොරිෆුල් ඉස්ලාම්.

නවසීලන්ත පිතිකරුවන් වන චැඩ් බවුස් හා ටිම් සයිෆර්ට් නවසීලන්ත ජාතික කණ්ඩායම සමග එක්වීම වෙනුවෙන් දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බැවින් මෙම තරගය සදහා ගාලු කණ්ඩායම වෙනුවෙන් නජිබුල්ලාහ් සඩ්‍රාන් හා ලිටොන් දාස් කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඊට අමතරව සොහාන් ද ලිවේරා වෙනුවට ලසිත් කෘෘස්පුල්ලේ කණ්ඩායමට කැදවීමට ද පියවර ගෙන තිබෙනවා.

කණ්ඩායම් දෙක –

Colombo Strikers XI:

Pathum Nissanka, Babar Azam, Nipun Dhananjaya, Nuwanidu Fernando, Lahiru Udara (wk), Iftikhar Ahmed, Mohammad Nawaz, Chamika Karunaratne (c), Jeffrey Vandersay, Matheesha Pathirana, Shoriful Islam

Galle Titans XI :

Bhanuka Rajapaksa, Lasith Croospulle, Shakib Al Hasan, Litton Das(w), Najibullah Zadran, Dasun Shanaka(c), Lahiru Samarakoon, Seekkuge Prasanna, Kasun Rajitha, Lahiru Kumara, Tabraiz Shamsi

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...