T20 World Cup : ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට සුදුසුකම් ලදහොත් ලැබෙන ප්‍රතිවාදී රටවල් 3 මෙන්න

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින 17 ක පමණ කාලයක් පමණයි.

ජූනි පළමු වැනිදා සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී පැවැත්වෙන තරගාවලිය සදහා රටවල් 20 ක් ක්‍රීඩා කරන අතර, මූලික වටයේ දී කණ්ඩායම් 5 බැගින් කාණ්ඩ 4කට වෙන් කර තරග පැවැත්වීමට නියමිතයි.

එහිදී ශ්‍රී ලංකාව තරග වදින්නේ D කාන්ඩය යටතේයි. කණ්ඩායම් කාණ්ඩගත කර ඇති අයුරු –

[wpdatatable id=9]

මූලික වටයේ තරගවලින් පසුව සෑම කාණ්ඩයකම පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් සුපිරි 8 වටය සදහා සුදුසුකම් ලබා ගන්නවා. සුපිරි 8 වටයේ දී කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වීමට නියමිතයි.

මෙහිදී විශේෂත්වය වන්නේ මූලික වටයේ දී ඒ ඒ රටවල් සිය කාණ්ඩයේ හිමි කර ගන්නා ස්ථානය (1 හෝ 2) අනුව සුපිරි 8 වටයේ දී තමන් තරග වදින කාණ්ඩය කුමක්දැයි තීරණය නොවීමයි.

ඒ වෙනුවට අයි.සී.සී තරග කොන්දේසි අනුව මේ වන විටත් ඒ ඒ රටවල්වලට මූලික වටයේ දී තම කාණ්ඩයේ හිමිව ඇති ස්ථානය (Seeding) අනුව (1 හෝ 2) සුපිරි 8 වටයේ දී තමන්ට ලැබෙන කාණ්ඩය තීරණය වනු ඇති. (සුදුසුකම් ලැබුවහොත්)

සුපිරි 8 වටයේ දී රටවල් කාණ්ඩගත වන ආකාරය –

[wpdatatable id=10]

ඒ අනුව උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව D2 ලෙස කාණ්ඩගත වී ඇති බැවින් ඔවුන් සුපිරි 8 වටයට සුදුසුකම් ලැබුවහොත් එම වටයේ දී පළමු කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතයි.

එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ A1, B2 හා C1 ලෙස කාණ්ඩගත වී ඇති කණ්ඩායම්. එනම්, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය යන රටවල් (එම රටවල් සුපිරි 8 වටයට සුදුසුකම් ලැබුවහොත්).

D කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට සුදුසුකම් ලබා නොගතහොත්, ශ්‍රී ලංකාවට හිමි D2 ස්ථානය සුපිරි 8 වටයේ දී හිමි කර ගන්නේ ශ්‍රී ලංකාව අභිබවා දෙවැනි වටයට සුදුසුකම් ලැබූ අනෙක් කණ්ඩායමටයි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව වෙනුවට බංග්ලාදේශය සුදුසුකම් ලැබුවහොත්, D2 ලෙස සුපිරි 8 වටයේ දී සලකනු ලබන්නේ බංග්ලාදේශයයි.

ශ්‍රී ලංකාව සමග බංග්ලාදේශය මීළග වටයට සුදුසුකම් ලැබුවහොත් බංග්ලාදේශය D1 ලෙසත්, ශ්‍රී ලංකාව D2 ලෙසත් සලකනු ඇති.

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව යන රටවල් දෙකම සුපිරි 8 වටයට සුදුසුකම් ලබා නොගතහොත්, සුදුසුකම් ලබන රටවල් දෙක එම කාණ්ඩයේ හිමි කර ගන්නා ස්ථානය (1 හෝ 2) අනුව දෙවැනි වටයේ දී ඔවුන්ට හිමි වන ස්ථානය තීරණය වනවා.

ඒ අනුව පළමු ස්ථානය හිමි කර ගන්නා කණ්ඩායම D1 ලෙසත්, දෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායම D2 ලෙසත් සලකනු ලබනවා.

සුපිරි 8 වටයේ තරගවලින් පසුව අවසන් පූර්ව වටයේ තරග හා අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...