T 20 ලෝක කුසලානයේ වැදගත් තරග රැසක් වැස්සට සේදී යන බවට අනතුරු ඇගවීම්

Date:

ඔස්ට්‍රේලියාවේ දී මේ වන විට ආරම්භ වී ඇති මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉදිරියේ දී පැවැත්වෙන වැදගත් තරග රැසක් සදහා වර්ෂාව සහිත අයහපත් කාළගුණයෙන් බලපෑම් එල්ල විය හැකි බවට මේ වන විට කාළගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

ඒ අනුව සිඩ්නි හී දී පැවැත්වීමට නියමිත සුපිරි 12 වටයේ ආරම්භක තරගයට මෙන්ම මෙල්බර්න් හී දී පැවැත්වීමට නියමිත ඉන්දු – පාකිස්තාන තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල වනු ඇති.

සුපිරි 12 වටයේ පළමු තරගය එළඹෙන සෙනසුරාදා පැවැත්වෙන්නේ සත්කාරක හා ලෝක ශූර ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතරයි.

එදින පස්වරු කාලයේ දී සිඩ්නි ප්‍රදේශයට වර්ෂාව ඇති වීම සදහා 80% ත් 90% ත් අතර අවස්ථාවක් පවතින බවටයි අනාවැකි පල කර ඇත්තේ.

ඉන්දු – පාකිස්තාන තරගය පැවැත්වෙන ඉරිදා දිනයේ දී මෙල්බර්න් ප්‍රදේශයට වර්ෂාව ඇති වීම සදහා 90% ක පමණ ඉහළ අවස්ථාවක් පවතිනවා.

මූලික වටයේ තරග සදහා අතිරේක දිනයන් ද වෙන් කර නොමැති අතර, එලෙස අතිරේක දින වෙන් කර ඇත්තේ අවසන් පූර්ව හා අවසන් තරගය සදහා පමණයි.

මේ අතර, පළමු වටයේ තරග පැවැත්වෙන අවසන් දිනය වන එළඹෙන සිකුරාදා දිනයේ දී හෝබාර්ට් ප්‍රදේශයට වර්ෂාව ඇද හැලීම සදහා 60%ක පමණ අවස්ථාවක් පවතින බැවින් එදින පැවැත්වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් – අයර්ලන්ත, ස්කොට්ලන්ත – සිම්බාබ්වේ තරග සදහා ද වර්ෂාවෙන් බාධා එල්ල වනු ඇති.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ද තරග බිමට පිවිසෙන හෙට දිනයේ දී තරග පැවැත්වෙන ජීලෝන්ග් ප්‍රදේශයට වර්ෂාවෙන් බලපෑමක් එල්ල වන බවට අනාවැකි පලවී නැහැ.

ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තරගය හෙට (20) මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...