T 20 ලෝක කුසලානයේ ත්‍යාග මුදල් නිවේදනය කෙරේ; සෑම කණ්ඩායමකට මූල්‍ය ත්‍යාග

Date:

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයින්ට පිරිනමනු ලබන ත්‍යාග මුදල් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(10) නිවේදනය කළා.

ඒ අනුව ශූරතාවය හිමි කර ගන්නා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක (රුපියල් කෝටි 32ක් පමණ) මුදලක් හිමි වීමට නියමිතයි.

අනුශූරතාවය වෙනුවෙන් පිරිනමනු ලබන මුදල අමෙරිකානු ඩොලර් 800,000ක්.(රුපියල් කෝටි 16ක් පමණ)

ඩොලර් 400,000 (රුපියල් කෝටි 8ක් පමණ) බැගින් වන මුදල් ත්‍යාග, අවසන් පූර්ව තරගවලින් පරාජයට පත්වන කණ්ඩායම් දෙක සදහා හිමි වන බව ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළා.

සමස්තයක් වශයෙන්, සහභාගී වන කණ්ඩායම් 16 සදහා වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 5.6 ක්.

සුපිරි 12 වටයේ දී ජය ගන්නා සෑම තරගයක් සදහාම අදාළ කණ්ඩායම් සදහා අමෙරිකානු ඩොලර් 40,000 (රුපියල් ලක්ෂ 80ක් පමණ) බැගින් දීමනාවක් ලබා දීමට ද නියමිතයි.

සුපිරි 12 වටයෙන් ඉවත් වන කණ්ඩායම් සදහා (අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබන) ඩොලර් 70,000 බැගින් ද පිරිනැමෙනු ඇති.

ශ්‍රී ලංකාව ද ඇතුළත් පළමු වටයේ තරග වදින කණ්ඩායම් සදහා ද මූල්‍ය ත්‍යාග හිමි වනවා.

ඒ අනුව ඩොලර් 40,000 බැගින් මුදලක් පළමු වටයේ තරග 12 තුළදී තරග ජය ගන්නා කණ්ඩායම් සදහා හිමි වීමට නියමිතයි.

පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වන කණ්ඩායම් 4 සදහා ඩොලර් 40,000 බැගින් පිරිනැමීමට ද කටයුතු කරන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...