T 20 ලෝක කුසලානයට ස්කොට්ලන්ත සංචිතය නිවේදනය කෙරේ

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන මූලික සංචිතයක් ස්කොට්ලන්ත ක්‍රිකට් ආයතනය විසින් අද(9) ප්‍රකාශයට පත් කළා.

Kyle Coetzer ගේ නායකත්වයෙන් යුත් ස්කොට්ලන්ත සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

ඔක්තෝබර් 10 වැනිදා වන විට අවසන් ක්‍රීඩකයින් 15 දෙනාගේ සංචිතය ප්‍රකාශයට පත් කරන බවයි ස්කොට්ලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ස්කොට්ලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොනතන් ට්‍රොට් කටයුතු කරනවා.

20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ස්කොට්ලන්තය ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 17 වනදා බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Full Squad: Kyle Coetzer (c), Richard Berrington (vc), Dylan Budge, Matthew Cross (wk), Josh Davey, Alasdair Evans, Chris Greaves, Oli Hairs, Michael Leask, Calum Macleod, George Munsey, Safyaan Sharif, Chris Sole, Hamza Tahir, Craig Wallace (wk), Mark Watt, Brad Wheal

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...