SL vs ZIM : වෙනස්කම් කිහිපයක් සමග ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කෙරේ

Date:

සිම්බාබ්වේ තරග සංචාරය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා එක්දින සංචිතය නිවේදනය කර තිබෙනවා.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සංචිතයෙන් ඉවත් කර ඇති අතර, නුවනිදු ප්‍රනාන්දු සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

පසුගිය කාලයේදී දක්ෂතා අතර රැදී සිටි පවන් රත්නායක ද සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්. ඒෂාන් මාලිංගට සංචිතයේ ස්ථානයක් හිමව නොමැති අතර, ආබාධයකට ලක් වූ වනිදු හසරංග මෙම තරගාවලියට ද නම් කර නැහැ. දුෂ්මන්ත චමීර යළි සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා.

මෙම සංචාරයේදී දෙරට අතර එක්දින තරග 2 ක් හා විස්සයි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි. එක්දින තරගාවලිය අගෝස්තු 29 වැනිදා ද, විස්සයි 20 තරගාවලිය සැප්තැම්බර් 3 වැනිදා ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

විස්සයි 20 තරගාවලිය සැප්තැම්බර් 7 වැනිදා අවසන් වීමට නියමිතව ඇති අතර, ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ඉන් දින දෙකකට පසුව, එනම් සැප්තැම්බර් 9 වැනිදායි. කෙසේ වෙතත්, ආසියානු කුසලානය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 13 වැනිදායි.

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය මෙතෙක් නිවේදනය කර නැහැ. ශ්‍රී ලංකා එක්දින සංචිතයේ ක්‍රීඩකයින් හෙට(22) දිනයේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ODI Squad

1) Charith Asalanka – Captain
2) Pathum Nissanka
3) Nishan Madushka
4) Kusal Mendis
5) Sadeera Samarawickrama
6) Nuwanidu Fernando
7) Kamindu Mendis
8) Janith Liyanage
9) Pavan Rathnayake
10) Dunith Wellalage
11) Milan Rathnayake
12) Maheesh Theekshana
13)Jeffrey Vandersay
14) Asitha Fernando
15) Dushmantha Chameera
16) Dilshan Madushanka

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...