Semi Final යාමේ අවසන් බලාපොරොත්තුව හා ශූරයින්ගේ කුසලානය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාව අද තරග බිමට

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවසන් බලාපොරොත්තුව සමග හා 2025 ශූරයින්ගේ කුසලානයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (6) යළි තරග බිමට පිවිසෙනවා.

මෙවර ලෝක කුසලානයේ 38 වැනි තරගය වන මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ බංග්ලාදේශයයි. තරගය පස්වරු දෙකට දිල්ලි හී දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව තරගාවලියෙන් මෙතෙක් නිල වශයෙන් ඉවත් වී නොමැති අතර, අවසන් පූර්ව වටයට පිවිසීමටනම් ශ්‍රී ලංකාව ඉතිරි තරග දෙකම ඉහළ පරතරයක් සහිතව ජය ගත යුතුයි. එමෙන්ම නවසීලන්තය (ශ්‍රී ලංකාවට එරෙහිව), පාකිස්තානය (එංගලන්තයට එරෙහිව) හා ඇෆ්නිස්තානය (ඔස්ට්‍රේලියාවට හා දකුණු අප්‍රිකාවට එරෙහිව) ඔවුන් ක්‍රීඩා කරන ඉතිරි තරග සියල්ල පරාජයට පත් වීම ද සිදු විය යුතුයි.

2025 ශූරයින්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගන්නේ පාකිස්තානය හැර මෙවර ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවන රටවල් 7 පමණයි.

තරග 2ක් පමණක් ජය ගත් ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ රැදී සිටින අතර, එක් තරගයක් ජය ගත් බංග්ලාදේශය 9 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

මේ අතර, දිල්ලි නුවර පවතින වායු දූෂණය හේතුවෙන් අද තරගය පැවැත්වීම ද දැඩි අර්බුදයනට ලක්ව තිබෙනවා.

දැඩි වායු දූෂණය හේතුවෙන් පසුගිය සිකුරාදා දිනයේ දී බංග්ලාදේශ කණ්ඩායම සිය පුහුණුවීම් කටයුතු ද අවලංගු කළ අතර, ඊයේ දිනයේ දී ද පුහුණුවීම් සිදු කර තිබුණේ ක්‍රීඩකයින් 8 දෙනෙකු පමණයි. කෙසේ වෙතත්, සෙනසුරාදා දිනයේ දී පුහුණුවීම් සදහා ක්‍රීඩකයින් 13 දෙනෙකු එක්ව තිබුණා.

වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ද පසුගිය සෙනසුරාදා පුහුණුවීම් කටයුතු සිදු කළේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...