Rangpur Riders ප්‍රධාන පුහුණුකරු ධූරය මිකී ආතර්ට

Date:

Rangpur Riders කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් පත් කර තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් 26 වැනිදා ආරම්භ වන Global Super League තරගාවලියේ දී ඔහු එම කණ්ඩායමේ පුහුණුකරු ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ද මිකී ආතර් රන්ග්පූර් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

මීට පෙර ඔහු දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව හා පාකිස්තානය යන කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, මෑතකදී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී Dambulla Aura කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

මිකී ආතර් මේ වන විට Derbyshire කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරනවා.

මීට පෙර 2015 BPL තරගාවලියේ දී Dhaka Dynamites කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද ඔහු කටයුතු කර තිබුණා

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...