NRR ඉහළ දැමූ ඇෆ්ඝනිස්තානයේ සුපිරි ජයත් සමග අලුත් වූ ප්‍රසාද ලකුණු සටහන

Date:

මෙවර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් ලකුණු 125 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අද(4) සමත් වුණා.

ගයානාහි Providence ක්‍රීඩාංගනයේ පැවැති තරගයෙන් ඔවුන් හමුවේ දරුණු පරාජයකට මුහුණ දුන්නේ උගන්ඩා කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 183 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස උගන්ඩාවට පන්දුවාර 16 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 58 ක් පමණයි.

ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 76(45) ක් රැස් කළේ හයේ පහර හා හතරේ පහර 4 බැගින් එල්ල කරමින්. ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු 70(46) ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දුවාර 14.3 ක් තුළ ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 154 ක්.

පිළිතුරු උගන්ඩා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 14 ක් රැස් කළ Robinson Obuya. පන්දු යැවීමේ දී ෆසල්හක් ෆරූකි ලකුණු 9කට කඩුලු 5 ක් දවා ගත්තා.

මෙම ජයත් සමග C කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගැනීමට ඇෆ්ඝනිස්තානය සමත්ව සිටින්නේ 6.250 ක ඉහළ ශුද්ධ ලකුණු වේගයක් ද හිමි කර ගනිමින්.

[team_standings 59914]

[team_standings 59912]

[team_standings 59913]

[team_standings 59915]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...