Watch : රෝහිත් හා රින්කු අවසන් පන්දුවාරයට ගහපු 36 මෙන්න

Date:

සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට එරෙහි තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ ඉන්දීය ඉනිමේ අවසන් පන්දුවාරයට ලකුණු 36 ක් වාර්තා කරමින් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා සිය කණ්ඩායම රැගෙන යාමට රෝහිත් ෂර්මා හා රින්කු සිං අද(17) සමත් වුණා.

ලකුණු 22 ට කඩුලු 4ක් දැවී ගිය පසුබිමක රෝහිත් හා රින්කු පන්දු 95 කින් ලකුණු 190 ක නොබිදුණු සම්බන්ධතාවයක් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ අතර, නියමිත පන්දුවාර 20 අවසානයේ දී ඉන්දීය ලකුණු පුවරුව දිස්වුණේ කඩුලු 4කට ලකුණු 212 ක් ලෙසයි.

තරගය බැංගලූරුහී දී ආරම්භ වුණේ කාසියේ වාසිය ඉන්දියාවට හිමි කර දෙමින්. ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය ඉනිම වෙනුවෙන් පළමු තරග දෙකේ දී ම ලකුණු නොලබා දැවී ගිය නායක රෝහිත් ෂර්මා පන්දු 69 කින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 121 ක්.

හයේ පහර අටක් හා හතරේ පහර 11 ක් ඔහුගේ සුපිරි ඉනිම වර්ණවත් කළා. රෝහිත් අද වාර්තා කළේ සිය 5 වැනි 20යි 20 ජාත්‍යන්තර ශතකයයි. ඒ අනුව ඔහු මේ වන විට වාර්තා අතරට එක්ව ඇත්තේ වැඩිම 20යි 20 ජාත්‍යන්තර ශතක ප්‍රමාණයක් රැස් කළ පිතිකරුවා ලෙසයි.

Most men’s T20I hundreds – 

  1. Rohit Sharma – 5
  2. Suryakumar Yadav – 4
  3. Glenn Maxwell – 4
  4. Babar Azam 3
  5. Sabawoon Davizi 3
  6. Colin Munro 3

රින්කු සිං පන්දු 39 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 69 ක්. හයේ පහර හයක් හා හතරේ පහර දෙකක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

රෝහිත් හා රින්කු අතර 5 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු ලකුණු 190*ක සම්බන්ධතාවය ඉන්දියාව වෙනුවෙන් 20යි 20 තරගයකදී ඕනෑම කඩුල්ලක් සදහා ගොඩ නැගුණු හොදම සම්බන්ධතාවයයි.

එමෙන්ම 5 වැනි කඩුල්ල සදහා 20යි 20 ජාත්‍යන්තර තරගයකදී වාර්තා වූ හොදම සම්බන්ධතාවය ද එයයි.

අවසන් පන්දුවාරයේ දී කරීම් ජනට්ට එරෙහිව ඉන්දියාව හයේ පහර 5 ක් ද සමග වාර්තා කළ ලකුණු 36 ඉන්දීය ඉනිමේ දී බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක් දිනා ගත් සිදු වීම බවට පත් වුණා.

එම පන්දුවාරයේ දී ඉන්දියාව ලකුණු රැස් කළේ 4, 7 (nb), 6, 1, 6, 6, 6 ලෙසයි. (හයේ පහර පහේ දර්ශන පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...