ෆ්‍රැන්චයිස් ක්‍රිකට් නිසා කොන්වේ හා ඇලන් නවසීලන්ත මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් එපා කියයි

Date:

නවසීලන්තයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු වන ඩෙවෝන් කොන්වේ හා ෆින් ඇලන් එරට ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතව ඇති මධ්‍යම කොත්ත්‍රාත්වලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි සදහා අවධානය යොමු කිරීමේ අරමුණ ඇතිවයි ඔවුන් දෙදෙනා මෙම තීරණය ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, කොන්වේ සමග අනියම් ගිවිසුමක් අත්සන් තැබීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය එකග වී ඇති අතර, ඒ අනුව ඔහු ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරග 6 හැර සෙසු සියලු ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීම සදහා සූදානමින් පසුවනවා.

ඔහුව එළඹෙන ඇෆ්ඝනිස්තාන හා ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලි සදහා ද පසුගියදා නම් කෙරුණා.

ජනවාරි මාසයේ දී ඩෙවෝන් කොන්වේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි. එම තරගාවලියේ දී ඔහු Joburg Super Kings කණ්ඩායම නියෝජනය කිරීමට සූදානමින් සිටින බව සදහන්.

මේ අතර, ෆින් ඇලන්ට අනියම් ගිවිසුමක් හෝ ලබා දී නොමැති අතර, ඔහු ඉදිරියේ දී ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ක්‍රීඩකයින් දෙදෙනාම පසුගිය මාසයේ දී නවසීලන්ත මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම්වලට ඇතුළත් කර තිබූ නමුත්, ඔවුන් දෙදෙනාම ඉන් ඉවත් වීමට මේ වන විට ගෙන ඇති තීරණය හේතුවෙන් නව ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොන්ත්‍රාත් ගිවිසුම් ලබා දීමට ඉදිරියේ දී කටයුතු කරනු ඇති.

මීට පෙර කේන් විලියම්සන්, ට්‍රෙන්ට් බෝල්ට්, ලොකී ෆර්ගසන් හා ඇඩම් මිල්න් වැනි නවසීලන්ත ක්‍රීඩකයින් ද මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම්වලින් ඉවත් වීමට පියවර ගෙන තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...