සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව 2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

Date:

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ 9 වැනි රට බවට පත් වීමට 1996 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායම අද(2) සමත් වුණා.

ඒ, ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 24 වැනි තරගය හෙවත් සුපිරි 6 වටයේ සිව්වැනි තරගයෙන් සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම පරදා කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

එම ජයත් සමග සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකෙන් එකක් තහවුරු කර ගනිමින් අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගන්නේ මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවන රටවල් දෙක පමණයි. (නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්)

අද බුලවායෝහී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 32.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 165 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 33.1 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පහසුවෙන් පසු කර ගියා.

පළමු කඩුල්ල සදහා පැතුම් නිස්සංක හා දිමුත් කරුණාරත්න අතර ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 103 ක්. දිමුත් ලකුණු 30(56) කට දැවී ගියා.

දෙවැනි එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළ පැතුම් නිස්සංක පන්දු 102 කින් නොදැවී ලකුණු 101 ක් රැස් කළේ හතරේ පහර 14 ක් සමගින්. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 25 යි.

පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 30 ක් තුළ බිද වැටුණා. එම කඩුලු තුනම දවා ගත්තේ ඩිල්ෂාන් මදුෂංක විසින්.

කෙසේ වෙතත්, අනතුරුව සිකන්ඩ රාසා හා ශෝන් විලියම්ස් සිව්වැනි කඩුල්ලට ලකුණු 68 (81) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් සිම්බාබ්වේ ඉනිම ශක්තිමත් කළා. රාසා ලකුණු 31 කට දැවී ගියේ දසුන් ශානකගේ පන්දුවක් හමුවේයි.

ශෝන් විලියම්ස් පන්දු 57 කින් ලකුණු 56 ක් රැස් කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මහත් හිසරදයක් බවට පත්ව සිටි අවස්ථාවක මහීෂ් තීක්ෂණ විසින් ඔහුව දවා ගනු ලැබුවා.

රයන් බර්ල් ලකුණු 16 කටත්, ලුක් ජොන්ග්වේ ලකුණු 10කටත් දැවී ගියේ ද තීක්ෂණගේ පන්දු හමුවේයි. සිම්බාබ්වේ ඉනිම වෙනුවෙන් නායක ක්‍රෙයිග් අර්වින් හා බ්‍රැඩ් එවන්ස් ලකුණු 14 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු 25 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ඩිල්ෂාන් මදුෂංක කඩුලු 3 ක් බිද හෙලුවේ ලකුණු 15 ක් ලබා දෙමින්. මතීෂ පතිරණ ද කඩුලු 2 ක් බිද හෙලුවා.

[team_standings 47779]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...