ස්ටාර් ස්පෝර්ට්ස් , ඩී ස්පෝර්ට් ශ්‍රී ලංකා ක්‍රිකට් මග හරියි – හේතුව මෙන්න

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය හිමිකම් ටෙන්ඩරය සදහා සැලකිය යුතු ප්‍රතිචාරයක් හිමිව නොමැති බව වාර්තා වනවා.

මේ වන විට ස්ටාර් ඉන්දියා (ස්ටාර් ස්පෝර්ට්ස් නාලිකාව) සහ ඩිස්කවරි යන ආයතන ඒ සදහා තරග නොකිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය හිමිකම සදහා මෙවර පළමු වරට ටෙන්ඩර් කැදවීම සිදු කෙරුණේ පසුගිය පෙබරවාරි මාසයේ දී යි.

කෙසේ වෙතත්, එතැන් සිට මේ දක්වා එය අවස්ථා කිහිපයකදීම කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.

කලාපීය ක්‍රිකට් මාධ්‍ය බලවතා වන ස්ටාර් ඉන්දියා මෙන්ම ඩිස්කවරිහි D-Sports මාධ්‍ය ආයතනය ද ටෙන්ඩර් කැදවීමේ මෙම ක්‍රියාවලියෙන් ඉවත්ව ඇති බව සදහන්.

ඒ අනුව සැලකිය යුතු මාධ්‍යක් වශයෙන් ඉදිරිපත්ව ඇත්තේ Sony Picture Network (SPN) සමාගම පමණක් බවයි වාර්තා වන්නේ.

InsideSport වෙබ් අඩවිය පල කර ඇති වාර්තාවකට අනුව මෙලෙස ක්‍රිකට් මාධ්‍ය හිමිකම් ටෙන්ඩරයට අවම ප්‍රතිචාරයක් ලැබීමට හේතු වී ඇත්තේ ලබන මස මෙරට දී පැවැත්වීමට නියමිත ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලි සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාවයයි.

කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ ඉන්දීය කණ්ඩායමේ අදාළ ශ්‍රී ලංකා තරග සංචාරය නිසි පරිදි සිදු වන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

වසර තුනක කාලයකට යටත්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැදවා ඇති මෙම මාධ්‍ය හිමිකම් ටෙන්ඩරයේ ලාභදායීම තරගාවලිය වන්නේ මෙම ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලියයි.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

මේ අතර, ලබන මාසයේ දී මාධ්‍ය හිමිකම් අයිතිය සම්බන්ධ ගැටලුව නිරාකරණය කර ගැනීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂාවෙන් පසු වන බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...