ශ්‍රී ලංකාවට කඩුලු 3 ක ජයක් ; සම්පූර්ණ ලකුණු සටහන මෙන්න

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු පුහුණු තරගය අද (13) සිම්බාබ්වේ හි බුලවායෝ නුවර දී පැවැත්වුණා.

මෙම තරගයේ දී නෙදර්ලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූ අතර, තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 45.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 214 ක්.

නෙදර්ලන්තය වෙනුවෙන් Saqib Zulfiqar ලකුණු 56 ක් හා Teja Nidamanuru ලකුණු 41 ක් රැස් කළා. Scott Edwards ලකුණු 35 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී කසුන් රාජිත පන්දුවාර 7ක් යොමු කරමින් ලකුණු 19 කට කඩුලු 3 ක් දවා ගත්තා. මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 10 තුළ දී ලකුණු 36 කට කඩුලු 2 ක් දවා ගත් අතර, ධනංජය ද සිල්වා පන්දුවාර 4 කදී ලකුණු 19 කඩුලු 2 ක් බිද හෙලුවා. ලහිරු කුමාර, මතීෂ පතිරණ හා චාමික කරුණාරත්න අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37.1 ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 10 (15) කට දැවී ගියා. දිමුත් කරුණාරත්න ලකුණු 47 යි. පන්දු 55 කින් ඔහු එක් හයේ පහරක් හා හතරේ පහර 4 ක් සමගින් එම ලකුණු ප්‍රමාණය රැස් කළා. කුසල් මෙන්ඩිස් ලකුණු 27 (23) ක් ලබා ගත් අතර, සධීර සමරවික්‍රම ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

චරිත් අසලංක ලකුණු 29 (38) යි. ධනංජය ද සිල්වා ලකුණු 3 (10) කට දැවී ගියා. චාමික කරුණාරත්න ලකුණු 16 (25) ක් ලබා ගත් අතර, දුෂාන් හේමන්ත නොදැවී ලකණු 9යි.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය නායක දසුන් ශානක නොදැවී ලකුණු 67 ක් රැස් කළේ පන්දු 52 කින්. හයේ පහර 3 ක් හා හතරේ පහර 8 ක් දසුන්ගේ ඉනිමට ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී Clayton Floyd ලකුණු 40 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...