විශ්‍රාම ගෙන සිටි 31 හැවිරිදි අමීර් යළිත් ජාත්‍යන්තර පිටියට

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගෙන සිටි පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් අමීර් යළි ජාත්‍යන්තර විස්සයි 20 පිටියට පිවිසීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහුව ජූනි පළමු වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී ආරම්භ වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන තේරීම් වෙනුවෙන් සලකා බැලීමට පාකිස්තාන තේරීම් කමිටුවට අවස්ථාව පවතිනවා.

අමීර් අවසන් වරට පාකිස්තානය නියෝජනය කර ඇත්තේ 2020 වසරේ දී එංගලන්තයට එරෙහිව පැවැති විස්සයි 20 තරගයකදීයි.

ඔහු එම වසරේ දෙසැම්බර් මාසයේ දී යි ජාත්‍යන්තර පිටියට සමු දීමට තීරණය කළේ. මානසික පීඩාව හේතුවෙන් තමන් එලෙස ජාත්‍යන්තර පිටියට සමු දෙන බවයි ඔහු සදහන් කර තිබුණේ.

මේ වන විට 31 වන වියේ පසුවන අමීර් සමාජ මාධ්‍ය ගිණුම් වෙත සටහනක් තබමින් සදහන් කළේ “මම තවමත් පාකිස්ථානයට ක්‍රීඩා කරන්න සිහින දකිනවා” යනුවෙනි.

නිමා වූ පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී මොහමඩ් අමීර් Quetta Gladiators කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළ අතර, එම තරගාවලියේ දී තරග 9 කදී ඔහු කඩුලු 10 ක් දවා ගත්තා.

පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ද සිය විශ්‍රාම ගැනීමේ තීරණය වෙනස් කරමින් යළි ජාත්‍යන්තර විස්සයි 20 පිටියට පිවිසීමට ඊයේ තීරණය කළ පසුබිමකයි අමීර් ද මෙම තීරණය නිවේදනය කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...