විලියම්සන්ගේ හා නිකල්ස්ගේ ද්විත්ව ශතකවලින් පසු නවසීලන්තය ඉනිම අත්හිටුවයි

Date:

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය මේ වන විට වෙලින්ටන් හි Basin Reserve ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

දිනය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 155 ක් ලබා සිටි අතර, ඔවුන් සිය ඉනිම අත්හිටුවීමට අද තීරණය කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක් ලබා සිටියදීයි.

හෙන්රි නිකල්ස් නොදැවී ලකුණු 200 ක් වාර්තා කළේ පන්දු 240 කින්. හයේ පහර 4 ක් හා හතරේ පහර 15 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. නිකල්ස් ලකුණු 6ක් ලබා සිටියදී හා ලකුණු 92 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දු දෙකක් නිශාන් මදුෂ්ක හා ධනංජය ද සිල්වා අතින් ගිලිහී ගිය පසුබිමකයි ඔහු මෙම නොදැවුණු ද්විත්ව ශතකය වාර්තා කළේ.

කේන් විලියම්සන් ලකුණු 215 ක් ලබා ගත්තා. පන්දු 296 කින් වාර්තා වූ එම ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 23 ක් ඇතුළත් වුණා.

ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 363 (467) ක්.

ඩැරල් මිචෙල් ලකුණු 17 කට දවා ගැනීමට කසුන් රාජිත සමත් වුණේ ඔහු විසින්ම විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගනිමින්. (දර්ශන පහතින්) ටොම් බ්ලන්ඩන් නොදැවී ලකුණු 17 යි.

ආරම්භක පිතිකරු ටොම් ලේතම් ලකුණු 21 කට දවා ගැනීමට කසුන් රාජිත ඊයේ සමත් වුණා. ඩෙවෝන් කොන්වේ ලකුණු 78 කට දැවී ගියේ ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...