වනිදු හසරංග ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේදී පන්දු රකිමින් සිටියදී පාදයක ආබාධයකට ලක් වූ වනිඳු හසරංග මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය කණ්ඩායමේ අධීක්ෂණය යටතේ සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් අද(18) පස්වරුවේ සදහන් කළා.

වෛද්‍ය කණ්ඩායම ඔහුගේ තත්ත්වය තක්සේරු කරමින් සිටින බවත්, ඔහුගේ තත්ත්වය පිළිබඳව වෛද්‍ය කණ්ඩායම විසින් කණ්ඩායම් කළමනාකාරීත්වය දිනපතා දැනුවත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් ක්‍රිකට් ආයතනය පවසා සිටියා.

ඒ අනුව වනිදු හසරංග දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින තරගාවලිය පුරාවටම සංචිතයේ රැඳී සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ.

වනිදු පළමු එක්දින තරගයේ දී පන්දු 19කින් ලකුණු 37ක් වාර්තා කිරීමට සමත් වූ අතර, පන්දු යැවීමේ දී ලකුණු 58කට කඩුලු 4ක් දවා ගැනීමට ද සමත් වුණා.

කෙසේ වෙතත්, වනිදු හසරංගට ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ලම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ වැඩි ඉඩක් ඇති බවයි HitWicket.lk වෙබ් අඩවිය වෙත වාර්තා වුණේ.

විශේෂයෙන් මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා තවත් මාස කිහිපයක් පමණක් ඉතිරිව ඇති බැවින් වනිදු හසරංග මෙම තරගාවලිය සදහා යළි ක්‍රීඩා කරවීම තුළින් ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය අවධානමකට ලක් කිරීමට සූදානම් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සදහන් කළා.

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තෙවැනි එක්දින තරගය හෙට(19) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ වන විට කණ්ඩායම් දෙකම තරග 1-1ක් ලෙස තරගාවලියේ සම මට්ටමේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...