වනිදු හසරංගට අයි.සී.සීයෙන් තරග තහනමක් පනවයි

Date:

ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක වනිදු හසරංගට තරග තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) පියවර ගෙන තිබෙනවා.

ඒ, ඇෆ්ඝනිස්තානය සමග පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් පසුව ඔහු විනිසුරු තීරණයකට විරෝධය පල කිරීමේ සිද්ධිය හේතුවෙන්.

ඒ අනුව ඔහු විසින් අයි.සී.සී ක්‍රීඩක විනය නීති සංග්‍රහයේ 2.13 වගන්තිය (“Personal abuse of a Player, Player Support Personnel, Umpire or Match Referee during an International Match.”) උල්ලංඝනය කර ඇති බව අයි.සී.සීය නිවේදනය කළා.

මෙම වරද නිසා ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණු 3 ක් පනවා ඇති අතර, මීට පෙර ද ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණු දෙකක් ඇතුළත්ව තිබුණා.

ඒ අනුව ඔහුගේ විනය වාර්තාවේ මාස 24 ක කාලයක් තුළ දඩුවම් ලකුණු ප්‍රමාණය මේ වන විට 5 ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් එම දඩුවම් ලකුණු ප්‍රමාණය අත්හිටුවීමේ ලකුණු දෙකක් (two suspension points) ලෙස පරිවර්ථනය වී තිබෙනවා.

අත්හිටුවීමේ ලකුණු දෙකක් හිමි වූ විට එය එක් ටෙස්ට් තරගයක තහනමකට හෝ එක්දින/ T20 තරග දෙකක තහනමකට සමාන වනවා.

ඒ අනුව ඔහුට එරෙහිව ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පැනවීමටයි අයි.සී.සීය තීරණය කර ඇත්තේ.

මෙම දඩුවම හේතුවෙන් වනිදුට එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන විස්සයි 20 තරගාවලියේ පළමු තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනවා.

තරග තහනමට අමතරව වනිදු හසරංගට එරෙහිව තරග ගාස්තුවෙන් 50% ක දඩ මුදලක් ද නියම කිරීමටයි තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් පියවර ගෙන ඇත්තේ.

සිය වරද හා ලබා දුන් දඩුවම වනිදු හසරංග විසින් පිළිගෙන ඇති අතර, ඒ අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.

Watch : “එයා වෙන ජොබ් එකක් කරා නම් තමයි ඇත්තටම හොද” වනිදුගෙන් විනිසුරුට සැර ප්‍රකාශයක්

දඹුල්ලේ පැවැති තෙවැනි විස්සයි 20 තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු තුනක තියුණු පරාජයක් ලැබූ අතර, නිපන්දුවක් සම්බන්ධයෙන් ලබා දුන් වැරැදි විනිසුරු තීරණයක් ද මෙම පරාජයට යම් බලපෑමක් එල්ල කළා.

තරගයේ අවසන් පන්දු 3 තුළ දී තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 11 ක් අවශ්‍යව තිබූ නමුත්, තණතීරුවේ පතිත නොවී පිතිකරුවාගේ (කමිදු මෙන්ඩිස්) ඉනට ඉහළින් ඇදී ආ සිව්වැනි පන්දුව නිපන්දුවක් ලෙස විනිසුරුවන් විසින් සංඥා කළේ නැහැ. පුනරූපනවලින් පැහැදිලිවම එය නිපන්දුවක් ලෙස දක්නට ලැබුණු අතර, එය නිපන්දුවක් ලෙස සංඥා කෙරුණේ නම් තරගයේ තීරණය වෙනස්වන්නට ඉඩ තිබුණා.

මෙම විනිසුරු තීරණයට එරෙහිවයි තරගයෙන් පසුව ශ්‍රී ලංකා නායක වනිදු හසරංග ක්‍රීඩාංගනය තුළදීම විනිසුරුවන් හමුවේ දැඩි විරෝධයක් පල කර සිටියේ.

“ඔව් ඇත්තටම ඉතිං ඒ වගේ එකක් ජාත්‍යන්තර තරගයක වෙන්න බෑ.” යනුවෙන් වනිදු තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සදහන් කළා.

“ඒක ළගින් ගියානම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ වගේ එච්චර උඩින් ගිය එකක්, මං හිතන්නේ තව ටිකක් උඩට ගියානම් බැට්ස්මන්ගෙ ඔලුවෙ වදිනවා බෝලෙ. ඒ වගේ එකක් පේන්නේ නෑ කියන්නේ ඒ විනිසුරුවරයා ජාත්‍යන්තර මට්ටමට හරියන්නේ නෑ. ඉතිං එයා වෙන ජොබ් එකක් කරා නම් තමයි ඇත්තටම ගොඩක් හොද”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...