මෝසම නිසා IPL ඉතිරි තරග එක්සත් අරාබියේ දී පැවැත්වීමට තීරණය කෙරේ

Date:

කොරෝනා වසංගතය හේතුවෙන් අතරමගදී අත්හිටුවීමට සිදු වූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ලබන සැප්තැම්බර් – ඔක්තෝබර් මාසවලදී පැවැත්වීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

අද(29) පැවැති විශේෂ මහා සභා රැස්වීමකදී (අතථ්‍ය) තීරණය කර ඇත්තේ තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමටයි.

ඉන්දීය ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් දැක් වුණේ අදාළ කාලයේ දී ඉන්දියාවට බලපානු ලබන මෝසම් වැසි හේතුවෙන් තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට තීරණය කළ බවයි.

අද පැවැති අතථ්‍ය විශේෂ මහා සභා රැස්වීමේ දී සියලු සාමාජික පාර්ශව අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග යළි පැවැත්වීම සදහා ඒකමතිකව එකග වූ බව ද ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළා.

කණ්ඩායම් 4ක පමණ සාමාජිකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වීමත් සමගයි අයි.පී.එල් තරගාවලිය පසුගිය 4 වැනිදා අත්හිටුවීමට බළධාරීන් පියවර ගත්තේ.

අත්හිටුවන අවස්ථාව වන විට මෙවර තරග වාරය යටතේ පවත්වා තිබුණේ තරග 29ක් පමණක් වන අතර, තවත් තරග 31ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...