පුහුණු T10 තරගයෙන් නවසීලන්තය පරදා ශ්‍රී ලංකාවට ලකුණු 32 ක ජයක්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා New Zealand XI කණ්ඩායම අතර පැවැති පුහුණු පන්දුවාර 10 ක්‍රිකට් තරගයෙන් ද ශ්‍රී ලංකාව ලකුණු 32 ක ජයක් වාර්තා කිරීමට අද(23) සමත් වුණා.

කණ්ඩායම් දෙක අතර Lincoln හි පැවැති පුහුණු විස්සයි 20 තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු හතක ජයක් ලැබීමෙන් පසුවයි මෙම තරගය පැවැත්වුණේ. එම තරගය ඉක්මණින් අවසන් වීම හේතුවෙන් මෙම T10 තරගය පැවැත්වුණා.

පන්දුවාර 10 තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 2 ක් දැවී ලකුණු 128 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ New Zealand XI කණ්ඩායමට පන්දුවාර 10 අවසානයේ කඩුලු 2 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 96 ක් පමණයි.

පුහුණු විස්සයි 20 තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දුවෙන්ම දැවී ගිය පැතුම් නිස්සංක මෙම තරගයේදී ලකුණු 31(15) ක් රැස් කර සිටියදී පිටියෙන් ඉවත් වුණා. පැතුම්ගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 5 ක් ඇතුළත්. එම විස්සයි 20 තරගයේදී ලකුණු නොලබා දැවී ගිය කුසල් මෙන්ඩිස් T10 පුහුණු තරගයේදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 13(9) ක්.

අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි භානුක රාජපක්ෂ පන්දු 16 කින් ලකුණු 25 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණා. වනිදු හසරංග ලකුණු 27 ක් රැස් කළේ පන්දු 11 කින් හයේ පහර 2ක් හා හතරේ පහර 3 ක් සමගින්.

නායක චරිත් අසලංක නොදැවී ලකුණු 13(8) ක් ද, චමිදු වික්‍රමසිංහ නොදැවී ලකුණු 6(4) ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේදී Ben Lister හා Matthew Fisher කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Matthew Boyle. ඔහු පන්දු 34 කින් නොදැවී ලකුණු 57 ක් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 2 ක් සමගින්. Joe Carter ලකුණු 23(18) යි.

පන්දු යැවීමේදී නුවන් තුෂාර ලකුණු 10 කට කඩුලු දෙකක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...