පැතුම් නිස්සංක වෛද්‍ය පරීක්ෂාවක් සදහා රැගෙන යයි

Date:

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කර ඇති බව වාර්තා වනවා.

ඒ, මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද(20) ජිලෝන්ග් හී දී ආරම්භ වූ තරගයේ පිතිකරණයේ නිරත වෙමින් සිටියදී සිදු වූ ආබාධයක් හේතුවෙනුයි.

ඒ අනුව පූර්වාරක්ෂක පියවරක් ලෙස ඔහුව වෛද්‍ය පරීක්ෂණයක් (scan) සදහා යොමු කර ඇති බව සදහන්.

නිස්සංක අද තරගයේ දී ලකුණු 14 කට දැවී ගිය අතර, පසුගිය 18 වැනිදා පැවැති තරගයේ දී ඔහු ලකුණු 74 ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

මීට පෙර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ඩිල්ෂාන් මදුෂංක, දුෂ්මන්ත චමීර හා ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින්ට ද ආබාධ හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...