පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්

Date:

ගරුක සන්කෙත්ගේ විශිෂ්ඨ පන්දු යැවීම මෙන්ම රවිෂාන් නෙත්සර, දිනුර කලුපහන හා සුපුන් වඩුගේ වාර්තා කළ අර්ධ ශතක හමුවේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද(27) සමත් වුණා.

දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් යොවුන් කණ්ඩායම පන්දුවාර 49.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 223 ක්.

Nathan Sealy ලකුණු 75 ක් ලබා ගත් අතර, Adrian Weir ලකුණු 32 යි.

පන්දු යැවීමේ දී ගරුක සන්කෙත් සිය පන්දුවාර 10 තුළ දී ලකුණු 48 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණා. දිනුර කලුපහන කඩුලු 3 ක් බිද හෙලුවේ ලකුණු 45 ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 43.1 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

රවිෂාන් නෙත්සර පන්දු 85 කින් ලකුණු 65 ක් ලබා ගත් අතර, සුපුන් වඩුගේ පන්දු 78 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 56 ක්. දිනුර කලුපහන පන්දු 42 කින් නොදැවී ලකුණු 52 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Nathan Edward ලකුණු 43 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

ඒ අනුව කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස මේ වන විට පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...