නවතම එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් නිවේදනය කෙරේ

Date:

නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(18) නිවේදනය කළා.

ඊට අනුව එහි පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 4 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි සමත්ව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සමග නිමා වූ තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ දී ඉනිම් තුනකදී ශතක 2ක් සමගින් ලකුණු 282 ක් ලබා ගනිමින් ඔහු දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්.

කෝලිට ශ්‍රේණිගත ලකුණු 750 ක් හිමිව ඇති අතර, එක්දින පිතිකරුවන් අතර පෙරමුණේ පසුවන්නේ ශ්‍රේණිගත ලකුණු 887 කට හිමිකම් කියන පාකිස්තානයේ බාබාර් අසාම්.

දකුණු අප්‍රිකාවේ රසී වැන් ඩර් ඩුසේන් හා ක්වෙන්ටන් ඩී කොක් පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථානවල පසුවනවා.

ඉන්දියාවේ ෂුබ්මන් ගිල් නවතම එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 26 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 10 කින්.

මේ අතර, ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් සිරාජ් කැපී පෙනෙන අයුරින් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේ දී කඩුලු 9 ක් දවා ගත් 28 හැවිරිදි ඔහු ස්ථාන 15 කින් ඉදිරියට පැමිණ ඇත්තේ තෙවැනි ස්ථානය දක්වායි.

මේ අතර, නවසීලන්තයේ කේන් විලියම්සන් පිතිකරණ ශ්‍රේණිගත කිරම්හි 8 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණීමට ද සමත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...