දසුන්ට පන්දු යවන්න නොදුන්නේ ඇයි ? නායක අසලංක පිළිතුරු දෙයි

Date:

ඉන්දියාව සමග පැවැති පළමු පන්දුවාර විස්සයි 20 තරගයට ප්‍රධාන පන්දු යවන්නන් 5 දෙනෙකු යොදා ගත් බැවින් දසුන් ශානකට පන්දු යැවීම සදහා අවස්ථාවක් නොලැබුණු බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පවසනවා.

පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති පළමු විස්සයි 20 තරගයෙන් ලකුණු 43 ක පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 7 ක් දැවී ලකුණු 213 ක් රැස් කළ අතර, තරගය ජය ගැනීම සදහා ලකුණු 214 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.2 ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 170 ක් පමණයි.

මෙම තරගයේ දි ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් වුවද තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට එක් පන්දුවාරයක් හෝ යැවීමට අවස්ථාව ලබා නොදීම කැපී පෙනුණා.

නිමා වූ LPL තරගාවලියේ දී කඩුලු 13 ක් දවා ගනිමින් තරගාවලියේ 5 වැනි වැඩිම කඩුලුලාභියා බවට ද පත් වූ දසුන්, ජාත්‍යන්තර තරගවලදී ද මීට පෙර පන්දු යැවීමෙන් දක්ෂතා දක්වා ඇති බව නොරහසක්.

කෙසේ වෙතත්, නායක චරිත් අසලංක පෙන්වා දෙන්නේ ප්‍රධාන පන්දු යවන්නන් 5 දෙනෙකු කණ්ඩායමේ රැදී සිටි බැවින් තමන් එම පන්දු යවන්නන් පිළිබද විශ්වාසය තබා ඔවුන්ට පන්දුව භාර දුන් බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ක්‍රීඩා කරන්නේ ප්‍රධාන පිතිකරුවන් 6 දෙනෙකු හා වනිදු හසරංග සහිතව ප්‍රධාන පන්දු යවන්නන් 5 දෙනෙකු සමග බව අසලංක සදහන් කර සිටියා.

ඒ අනුව දසුන් ශානක තරගවලට යොදා ගන්නේ ප්‍රධාන පිතිකරුවෙකු ලෙස බවත්, ඔහු හොදින් පන්දු යවන ක්‍රීඩකයෙකු ද වන බැවින් ඉදිරියේ දී ඔහුට ද පන්දු යැවීමට අවස්ථාව ලබා දීමට සූදානම් බවත් ශ්‍රී ලංකා නායකයා සදහන් කළා.

පල්ලේකැලේ තණතීරුව තුළ පන්දුව දග කැවෙන ස්වභාවයක් දැක ගත හැකි වූ බැවින් කමිදු මෙන්ඩිස්ට පන්දුවාරයක් යොමු කිරීමට අවස්ථාව ලබා දුන් බව ද චරිත් අසලංක මාධ්‍ය හමුවේ දී පවසා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...