ජෝසප්ගේ කඩුලු 7 හමුවේ කොදෙව්වන්ට තියුණු හා ඓතිහාසික ටෙස්ට් ජයක් (දර්ශන සහිතයි)

Date:

ශමාර් ජෝසප්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු අටක තියුණු හා සුපිරි ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කර ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද(28) සමත් වුණා.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ජයග්‍රහනය සදහා ලකුණු 216 ක ඉලක්කයක් හඹා යමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලකුණු 60 ක් ලබා සිටි අතර, ඒ අනුව තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට තවත් අවශ්‍යව තිබුණේ ලකුණු 156 ක් පමණයි.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිම ලකුණු 207 කට සීමා කිරීමට කොදෙව්වන් සමත් වුණේ 1997 වසරෙන් පසුව කොදෙව් කණ්ඩායමට ඔස්ට්‍රේලියාවේ දී පළමු ටෙස්ට් ජය හිමි කර දෙමින්.

පළමු ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් ශමාර් ජෝසප් මෙම ඉනිමේ දී ලකුණු 68 කට කඩුලු 7ක් දවා ගනිමින් ඔස්ට්‍රේලියානු ඉනිම සුනුවිසුණු කළා. අල්සාරි ජෝසප් කඩුලු දෙකක් දවා ගත්තේ ලකුණු 62 ක් ලබා දෙමින්.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළ ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 91 ක් ලබා සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත්, අවසන් කඩුල්ල ලෙස ජොෂ් හේසල්වුඩ් දැවී යාමත් සමග ඔහුගේ උත්සාහය ව්‍යර්ථ වුණා.

කැමරන් ග්‍රීන් ලකුණු 42 ක් ලබා ගත්තා. අද දිනයේ පළමු කඩුල්ල හෙවත් ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස ඔහු දැවී යන විට ඔස්ට්‍රේලියාවට ජයග්‍රහනය සදහා අවශ්‍යව තිබුණේ තවත් ලකුණු 103 ක් පමණයි.

නමුත්, ග්‍රීන්ගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි ට්‍රැවිස් හෙඩ් ඊළග පන්දුවෙන්ම යළි ක්‍රීඩාගාරය වෙත හරහා යැවීමට ශමාර් ජෝසප් සමත් වුණේ කොදෙව්වන්ට යළිත් තරගය ජය ගැනීම සදහා අනගි අවස්ථාවක් උදා කර දෙමින්.

මිචෙල් මාෂ් ලකුණු 10කටත්, ඇලෙක්ස් කෙරී ලකුණු දෙකකටත්, මිචෙල් ස්ටක් ලකුණු 21 කටත්, නායක පැට් කමින්ස් ලකුණු දෙකකටත් දැවී ගියා. නේදන් ලයන් ලකුණු 9යි. අවසන් කඩුල්ල ලෙස දැවී ගිය හේසල්වුඩ් පන්දු හයකට මුහුණ දී තිබුණත් කිසිදු ලකුණත් ලබා ගෙන තිබුණේ නැහැ.

බ්‍රිස්බේන් හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් සියලු දෙනා දැවී ලකුණු 311 ක් රැස් කළා. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 79 ක් රැස් කළ ජොෂුවා ද සිල්වායි. Kavem Hodge ලකුණු 71 යි.
පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් ලකුණු 82 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ජොෂ් හේසල්වුඩ් හා නේදන් ලයන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව කඩුලු 9ක් දැවී ලකුණු 289 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ. උස්මාන් කවාජා ලකුණු 75 ක් හා ඇලෙක්ස් කෙරී ලකුණු 65 ක් ලබා සිටියදී දැවී ගියා. නායක පැට් කමිනස් නොදැවී ලකුණු 64 යි. පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් කඩුලු 4 ක් ද, කෙමා රෝච් කඩුලු 3ක් ද බිද හෙලුවා.

අනතුරුව කොදෙව්වන් සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 193 ක්. Kirk McKenzie ලකුණු 41 ක්, Alick Athanaze ලකුණු 35 ක් හා Justin Greaves ලකුණු 33 ක් රැස් කළා. පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් හා නේදන් ලයන් කඩුලු 3 බැගින් බිද හෙලුවා

ඔස්ට්‍රේලියානු ඉනිමේ අවසන් කඩුල්ලේ දර්ශන හා ශමාර් ජෝසප් දවා ගත් කඩුලු ඇතුළු වීඩියෝ කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...