කොරෝනා අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධානියෙකුත් නෙරපයි

Date:

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී කෙවින් රොබර්ට්ස් එම ධූරයෙන් ඉවත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ(14) දිනයේ දී එරට ක්‍රිකට් ආයතනයේ විශේෂ රැස්වීමක් ද පැවැති බව සදහන්.

එහිදී තීරණය කර ඇත්තේ අන්තර්කාලීන ප්‍රධාන විධායක නිළධාරීයෙකු ඉදිරියේ දී පත් කිරීමටයි.

එළඹෙන බදාදා මෙම පත් කිරීම සිදු කරනු ඇති බවයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

කොරෝනා වංසගත තත්ත්වයත් සමග ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ ප්‍රධාන විධායක නිළධාරී කෙවින් රොබර්ට්ස්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පාර්ශව රැසක දැඩි විවේචන එල්ල වුණා.

ඒ, සේවකයින් පිළිබද ගත් දැඩි තීන්දු තීරණ හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...