කුසල් මෙන්ඩිස්ගෙන් හයේ වාර්තාවක් ; ලෝක වාර්තාවකුත් ගිලිහෙයි

Date:

ශ්‍රී ලංකා මුල්පෙල පිතිකරු කුසල් මෙන්ඩිස් අද(27) නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

ඒ, අයර්ලන්තය සමග ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනයේ දී යි.

අද දිනයේ දී සිය 9 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ මෙන්ඩිස් එම ශතකය සිය මංගල ද්විත්ව ශතකය බවට පරිවර්තනය කර ගැනීමට සමත් වුණා.

ඔහු ද්විත්ව ශතකය වාර්තා කරන අවස්ථාව වන විට මෙන්ඩිස්ගේ ඉනිම හයේ පහර 9කින් වර්ණවත් වී තිබූ අතර, ඒ අනුව එය නව වාර්තාවක් බවට පත් වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඉනිමකදී පිතිකරුවෙකු එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර කුමාර් සංගක්කාර විසින් ටෙස්ට් ඉනිමකදී හයේ පහර 8ක් එල්ල කරමින් මෙම වාර්තාවට හිමිකම් කියා තිබුණා. 2014 වසරේ දී බංග්ලාදේශයට එරෙහිවයි සංගක්කාර එම දක්ෂතාවය දක්වනු ලැබුවේ.

කුසල් මෙන්ඩිස් මෙම ඉනිමේ දී දැවී ගියේ ලකුණු 245 ක් ලබා සිටියදීයි. පන්දු 291 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 18 ක් හා හයේ පහර 11 ක් ඇතුළත් වුණා.

එම හයේ පහර සංඛ්‍යාව ටෙස්ට් ඉනිමකදී පිතිකරුවෙකු වාර්තා කළ සම දෙවැනි වැඩිම හයේ පහර සංඛ්‍යාවයි. ටෙස්ට් ඉනිමකදී හයේ පහර 11 බැගින් වාර්තා කිරීමට මීට පෙර තවත් පිතිකරුවන් 5 දෙනෙකු සමත්ව තිබෙනවා.

ටෙස්ට් ඉනිමකදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් වාර්තා කරමින් ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම්.

ඔහු 1996 වසරේ පැවැති ටෙස්ට් තරගයක දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හයේ පහර 12 ක් වාර්තා කර තිබුණා. ඒ අනුව මෙන්ඩිස්ට එම ලෝක වාර්තාව බිද හෙලීමට තවත් අවශ්‍යව තිබුණේ එක් හයේ පහරක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...