එංගලන්ත කණ්ඩායමේ 2022 ගිම්හාන තරග කාලසටහන නිකුත් වෙයි

Date:

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ 2022 ගිම්හාන තරග වාරයට අදාළ තරග කාලසටහන අද(8) ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව නවසීලන්තය, ඉන්දියාව හා දකුණු අප්‍රිකාව එම තරග වාරයේ දී එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතයි.

එංගලන්ත කණ්ඩායමේ ගිම්හාන තරග වාරය ආරම්භ වන්නේ නවසීලන්තයට එරෙහි තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියකින්.

පළමු ටෙස්ට් තරගය ජූනි දෙවනදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ද, දෙවැනි ටෙස්ට් තරගය ට්‍රෙන්ට් බ්‍රිජ් හී දී ද (ජූනි 10-14), තෙවැනි ටෙස්ට් තරගය හීඩින්ග්ලිහී දී (ජූනි 23-27) ද පැවැත්වීමට නියමිතයි.

අනතුරුව ජූලි මාසයේ දී එංගලන්ත කණ්ඩායමේ සීමිත පන්දුවාර තරගාවලි ආරම්භ වනු ඇති.

ඉන්දියාවට එරෙහි තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය එමිරේට්ස් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන්නේ ජූලි පළමු වනදායි.

දෙවැනි 20යි 20 තරගය ට්‍රෙන්ට් බ්‍රිජ් හී දී ජූලි 3 වනදා ද, තෙවැනි 20යි 20 තරගය එජස් බෝල් ක්‍රීඩාංගනයේ දී ජූලි 6 වනදා ද පැවැත්වෙන බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

දෙරට අතර එක්දින තරගාවලිය ජූලි 9 වනදා එඩ්ග්බස්ටන් හී දී ආරම්භ වන අතර, දෙවැනි හා තෙවැනි එක්දින තරග පිළිවෙලින් කෙනින්ටන් ඕවල් හී දී ජූලි 12 වනදා ද, ලෝඩ්ස් හී දී ජූලි 14 වනදා ද පැවැත්වීමට නියමිතයි.

අනතුරුව එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර තරග 3කින් යුත් එක්දින තරගාවලිය ජූලි 19 වනදා එමිරේට්ස් රිවර්සයිඩ්හී දී ආරම්භ වනවා.

දෙවැනි හා තෙවැනි එක්දින තරග පිළිවෙලින් එමිරේට්ස් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් (ජූලි 22) හා හීඩින්ග්ලි (ජූලි 24) හී දී පැවැත්වෙන අතර, දෙරට අතර 20යි 20 තරගාවලිය ජූලි 27 බ්‍රිස්ටල් හී දී ද, ජූලි 28 සොෆියා ගාර්ඩ්න්ස් හී දී ද, ජූලි 31 එජස් බෝල්හී දී ද පැවැත්වීමට නියමිතයි.

එම තරගාවලියෙන් පසුව ටෙස්ට් තරගාවලිය ආරම්භ වන්නේ අගෝස්තු 17 වනදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී යි.

දෙවැනි ටෙස්ට් තරගය එඩ්ග්බස්ටන් ක්‍රීඩාංගනයේ දී අගෝස්තු 25 වනදා ආරම්භ වන අතර, අවසන් ටෙස්ට් ගැටුම කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ දී සැප්තැම්බර් 8 වනදා ආරම්භ වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...