දෝනි යළි ඉනිම අවසන් කිරීමේ අභියෝගයෙන් පරදියි – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ 21 වන තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 10ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

අබුඩාබිහි පැවැති තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් කොල්කටා කණ්ඩායම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

කොල්කටා කණ්ඩායමක් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට අවසන් වරට තීරණය කර තිබුණේ 2015 වසරේ මැයි මාසයේ දී වීම විශේෂත්වයක්.

එනම් තරග 69කට පෙරයි ඔවුන් එවැනි තීරණයක් අවසන් වරට ගෙන තිබුණේ.

ඒ අනුව කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ සියලු දෙනා දැවී ලකුණු 167ක් ලබා ගනිමින්.

රාහුල් ත්‍රිපාති පන්දු 51කින් ලකුණු 81ක් රැස් කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක් සමගින්.

පන්දු යැවීමේ දී ඩ්වේයන් බ්‍රාවෝ කඩුලු 3ක් බිද හෙලූ අතර, ඔහු මේ වන විට බිද හෙලා ඇති අයි.පී.එල් කඩුලු සංඛ්‍යාව 150ක්.

අයි.පී.එල් පිටියේ කඩුලු 150ක් දවා ගත් පස්වන පන්දු යවන්නා ලෙසයි බ්‍රාවෝ ඉතිහාසගත වුණේ.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායමට කඩුලු 5ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 157ක් පමණයි.

ශේන් වොට්සන් ලකුණු 50ක් සහ අම්බටි රයිදු ලකුණු 30ක් ලබා ගනිමින් චෙන්නායි ඉනිමට ජයග්‍රාහී මාවතක් විවිර කර දුන්නා.

කෙසේ වෙතත්, චෙන්නායි ඉනිමේ මැදපෙල කඩා වැටීම හේතුවෙන් ඔවුන්ට තරගය ජයග්‍රාහීව අවසන් කිරීමට හැකි වූයේ නැහැ.

නායක මහේන්ද්‍ර සිං දෝනි අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි අතර, ඔහුට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 11ක් පමණයි.

පන්දු යැවීමේ දී ශිවම් මාවි, වරුන් චක්‍රවර්ති, කම්ලේෂ් නාගර්කෝටි සහ අන්ඩ්‍රි රසල් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

මෙම ජයග්‍රහනයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ විශේෂ අවස්ථා මෙතනින්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...