LPL Final : සිව්වැනි වරටත් කිංග්ස් ශූරතාවය දිනා ගැනීම මාර්වල්ස් වළකයි ද?

Date:

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(21) පැවැත්වෙනවා.

තරගාවලියේ පළමු අදියර තුනේම ශූරතාවය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සිව්වැනි වරටත් LPL තරගාවලියක අවසන් මහා තරගයක් සදහා ඊයේ (20) රාත්‍රියේ සුදුසුකම් ලැබූ අතර, අද පැවැත්වෙන අවසන් තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ පළමු අදියර දෙකේම අනුශූරයින් වූ ගෝල් මර්වල්ස් කණ්ඩායමයි.

අවසන් තරගය රාත්‍රී 7:30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙවර තරගාවලියේ මූලික වටය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක හිමි කර ගත්තේ ද පිළිවෙලින් මාර්වල්ස් කණ්ඩායම හා කිංග්ස් කණ්ඩායමයි.

එම කණ්ඩායම් දෙකම තරග 8 බැගින් ක්‍රීඩා කර ඉන් තරග 5 බැගින් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 10 බැගින් හිමි කර ගෙන තිබුණා.

අවසන් වටයේ පළමු තරගයේ දී කිංග්ස් කණ්ඩායම පරදා මාර්වල්ස් කණ්ඩායම අවසන් තරගයේ සිය ස්ථානය වෙන් කර ගැනීමට සමත් වුණා.

අවසන් වටයේ පළමු තරගය පරාජයට පත් වීම නිසා කිංග්ස් කණ්ඩායමට අවසන් වටයේ තෙවැනි තරගය ක්‍රීඩා කිරීමට සිදු වූ අතර, එම තරගයේ දී ඔවුන් කැන්ඩි ෆැල්කන්ස් පරදා එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

2024 LPL තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන අවිශ්ක ප්‍රනාන්දු (ලකුණු 374) මෙන්ම තෙවැනි වැඩිම ලකුණු ලාභියා වන පැතුම් නිස්සංක (ලකුණු 333) ද ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබනවා.

ගෝල් මාර්වල්ස් වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කර ඇත්තේ තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණුලාභියා වන ටිම් සයිෆර්ට් (ලකුණු 353).

තරගාවලියේ වැඩිම කඩුලුලාභින් අතර සිව්වැනි ස්ථානය ගාලු පිලේ ඉසුරු උදානට (කඩුලු 14) හිමිව ඇති අතර, ජැෆ්නා කිංග්ස් වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් බිද හෙලා ඇත්තේ කඩුලු 10ක් දවා ගෙන සිටින ෆේබියන් ඇලන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...