LPL 2024 : ඩිල්ෂාන් මදුෂංකට දඩ සමග දඩුවම් ලකුණක්

Date:

දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංකට තරග ගාස්තුවෙන් 10% ක දඩ මුදලක් පනවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඊට අමතරව ඔහුට එරෙහිව දඩුවම් ලකුණක් ද පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.

LPL විනය නීති සංග්‍රහයේ 2.5 වගන්තිය උල්ලංඝනය කරමින් ඔහු විසින් පළමු මට්ටමේ වරදක් සිදු කිරීම හේතුවෙන් මෙම දඩුවම පනවා ඇති බව සදහන්.

ජූලි 14 වැනිදා දඹුල්ල සික්සර්ස් කණ්ඩායම හා ගෝල් මාර්වල්ස් කණ්ඩායම අතර පැවැති තරගයේ දී නිරෝෂන් දික්වැල්ලගේ කඩුල්ල දවා ගැනීමෙන් පසුව මදුෂංක විසින් එය සැමරූ ආකාරය විනය විරෝධී බවටයි චෝදනා එල්ල වී තිබුණේ.

මේ සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනයේ දී ඩිල්ෂාන් මදුෂංක විසින් සිය වරද පිළිගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...