LPL වෙන්දේසිය ඇරඹෙන වේලාව ඇතුළු සියලු තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ක්‍රීඩක වෙන්දේසිය හෙට(14) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 360 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, ඉන් ක්‍රීඩකයින් 204 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වනවා. සෙසු ක්‍රීඩකයින් 156 දෙනා විදෙස් ක්‍රීඩකයින්.

කොළඹ ශැන්ග්‍රි ලා හෝටලයේ දී වෙන්දේසිය පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ වෙන්දේසිය පස්වරු 3 ට ආරම්භ කිරීමට නියමිත බවයි.

වෙන්දේසිය සදහා වට 51 ක් ඇතුළත් අතර, එහිදී පිතිකරුවන්, තුන් ඉරියව් ක්‍රීඩකයින්, වේග පන්දු යවන්නන් හා දග පන්දු යවන්නන්, කඩුලු රකින්නන් මෙන්ම ජාත්‍යන්තර වරම් දිනූ හා දිනා නොමැති වැනි කාණ්ඩ යටතේ ක්‍රීඩකයින් වෙන්දේසියට ඉදිරිපත් කෙරෙනු ඇති.

වෙන්දේසියේ දී එක් කණ්ඩායමකට අවම වශයෙන් ක්‍රීඩකයින් 16 දෙනෙකු මිලදී ගැනීමට සිදු වනවා. ඒ සදහා විදෙස් ක්‍රීඩකයින් ද සිව් දෙනෙකු ඇතුළත් විය යුතුයි. මේ වන විටත් සෑම කණ්ඩායමක්ම විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග ගිවිසුම්ගත වී අවසන්.

සෑම කණ්ඩායමක්ම වයස අවුරු 21 න් පහළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ද සිය සංචිතයට තෝරා ගත යුතු වනවා.

එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් මිලදී ගැනීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 500,000 ක මුදලක් වියදම් කළ හැකි අතර, ඒ අනුව කණ්ඩායම් පහ විසින්ම වෙන්දේසියේ දී වියදම් කරනු ලබන මුදල ඩොලර් මිලියන 2.5 ක්.

වෙන්දේසිය සදහා වියදම් කළ හැකි මුදලෙන් අවම වශයෙන් 85% ක් එක් කණ්ඩායමක් විසින් ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා අයෝජනය කිරීමට ද වගබලා ගත යුතුයි.

ඉන්දියාවේ චාරු ෂර්මා LPL වෙන්දේසියේ දී වෙන්දේසිකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ක්‍රීඩක වෙන්දේසියේ සජීවී යාවත්කාලීන කිරීම හෙට පස්වරුවේ දී hitwicket.lk වෙබ් අඩවිය ඔස්සේ ගෙන ඒමට අප සූදානම්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...