2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද(21) පස්වරුවේ දී නිමා වුණා.
මෙම වෙන්දේසියේ දී මහනුවර හා කොළඹ යන කණ්ඩායම් හැරුණු විට සෙසු සියලු කණ්ඩායම් විසින් ක්‍රීඩකයින් 24 දෙනා බැගින් සිය සංචිතයට මිලදී ගැනීමට කටයුතු කළා.
මහනුවර කණ්ඩායම ක්‍රීඩකයින් 22 ක් හා කොළඹ කණ්ඩායම ක්‍රීඩකයින් 20 ක් සිය සංචිතවලට මිලදී ගත්තා.
මෙම සෑම සංචිතයකටම විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු බැගින් ඇතුළත්.
එක් කණ්ඩායමකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක මුදලක් වෙන්දේසියේ දී වියදම් කිරීමට අවස්ථාව ලබා දී තිබුණා.
ඒ අනුව බී ලව් කැන්ඩි කණ්ඩායම ඩොලර් 499,000 ක් ද, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඩොලර් 490,000 ක් ද, දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම ඩොලර් 450,000 ක් ද, කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ඩොලර් 500,000 ක් , ගෝල් මාර්වල්ස් කණ්ඩායම ඩොලර් 496,000 ක් ද වෙන්දේසියේ දී වියදම් කරමින් ක්‍රීඩකයින් මිලදී ගත්තා.
වෙන්දේසිය අවසානයේ දී කණ්ඩායම් 5 සකස් වී ඇති අයුරු –
[wpdatatable id=11]

