LPL පළමු ශතකලාභියා චෝදනා ප්‍රතික්ෂේප කරයි ; BBL තරගාවලියෙනුත් ඉවත් කෙරේ

Date:

මෙම වසරේ බ්‍රිතාන්‍යයේ පැවැති ‘The Hundred'(ද හන්ඩ්‍රඩ්) හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ දී තමා තහනම් උත්තේජක ලබා ගැනීමක් සිදු නොකළ බව මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායමේ පිතිකරු ලොරී එවන්ස් පවසනවා.

එම තරගාවලියේ දී සිදු කළ තහනම් උත්තේජක පරීක්ෂාවකදී ඔහු තහනම් උත්තේජක ලබා ගෙන ඇති බවට සනාථ වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත්තේ.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය මත දෙසැම්බර් මස මැද ආරම්භ වීමට නියමිත මෙවර ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ලොරී එවන්ස් සමග පැවැති ගිවිසුම අත්හිටුවීමට Perth Scorchers (පර්ත් ස්කෝචර්ස්) කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.

මෙලෙස තහනම් උතතේජක ලබා ගත් බවට අදාළ පරීක්ෂණයෙන් තහවුරු වීමට හේතුව තමා නොදන්නා බවයි එවන්ස් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, එය සිදු වූයේ කෙසේදැයි තමා හා තම කණ්ඩායම පරීක්ෂා කරමින් සිටින බවත්, එය සොයා ගැනීම සදහා තමා හැකි සෑම දෙයක් ම සිදු කරන බවත් ලොරී එවන්ස් සදහන් කළා.

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියට ද ක්‍රීඩා කර ඇති එවන්ස්, එල්.පී.එල් ඉතිහාසයේ පළමු ශතකය වාර්තා කළ පිතිකරුවා ලෙසයි ඉතිහාසගතව ඇත්තේ.

2020 තරග වාරයේ දී කලම්බු කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායමට එරෙහිව එංගලන්ත ක්‍රීඩක ලොරී එවන්ස් එම ශතකය වාර්තා කරනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...