LPL තරගාවලියට තණතීරු 10ක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වීමට නියමිත හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනය මේ වන විට තරගාවලිය වෙනුවෙන් සූදානම් කරමින් පවතිනවා.

ඊට අදාළ ඡායාරූප කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (18) මාධ්‍යට නිකුත් කළා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක් වුණේ තරගාවලිය සදහා තණතීරු 10ක් යොදා ගැනීමට නියමිත බවයි.

එළඹෙන 26 වනදා ආරම්භ වන තරගාවලිය සදහා තරග 23ක් ඇතුළත් අතර, දින 15ක කාලයක් එල්.පී.එල් තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

පුහුණුවීම් සදහා තණතීරු (පැති) 25ක් යොදා ගැනීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

රාත්‍රී කාලයේ දී ද පුහුණුවීම් සිදු කිරීම සදහා අවශ්‍ය පහසුකම් කණ්ඩායම්වලට හිමිවනු ඇති.

සෞඛ්‍ය උපදෙස් ද අනුගමනය කරමින් ක්‍රීඩක විවේකාගාර 4ක් සූදානම් කෙරෙන අතර, එක් දිනකදී තරග දෙකක් පැවැත්වෙන අවස්ථාවලදී සියලු කණ්ඩායම් වෙත වෙන වෙනම ක්‍රීඩක විවේකාගාර ලබා දීම එහි අරමුණයි.

තරගාවලියේ සමාරම්භක උත්සවය 26 වනදා පස්වරුවේ පැවැත්වෙන අතර, පළමු තරගය එදිනම කැන්ඩි ටස්කර්ස් සහ කලම්බු කිංග්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

SLC
SLC
SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...