Kerr හා Devine ගේ ශතක හමුවේ ශ්‍රී ලංකාව දෙවැනි තරගය පරදියි

Date:

Amelia Kerr හා Sophie Devine වාර්තා කළ සුපිරි ශතක හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 116 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට සංචාරක නවසීලන්ත කණ්ඩායම අද(30) සමත් වුණා.

ගාල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 329 ක් ලබා ගත්තා.

Devine පන්දු 121 කින් ලකුණු 137 ක් රැස් කළා. ඒ, හයේ පහර 2 ක් හා හතරේ පහර 17 ක් සමගින්. Kerr ලකුණු 108 ක් රැස් කළේ පන්දු 106 කින්. එක් හයේ පහරක් හා හතරේ පහර 7 ක් ඇයගේ ඉනිමට ඇතුළත්.

ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල සදහා ලකුණු 229 (199) ක විශිෂ්ඨ සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

පන්දු යැවීමේ දී ඕෂදී රණසිංහ කඩුලු 3 ක් හා උදේෂිකා ප්‍රබෝධනී කඩුලු 2 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 48.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 213 ක් පමණයි.

කවීෂා දිල්හාරි පන්දු 98 කින් ලකුණු 84 ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වුණා.

මෙම තරගයේ දී ඉනිම ආරම්භ කළ විශ්මි ගුණරත්න ලකුණු 12 කටත්, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 9 කටත් දැවී ගියා. අංක 3 පිතිකාරිණිය වූ චමරි අතපත්තු පළමු පන්දුවෙන්ම දැවී ගියා.

පන්දු යැවීමේ දී Lea Tahuhu ලකුණු 31 කට කඩුලු 4 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...