දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව CSK කණ්ඩායමට සුපිරි ජයක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 49 වන තරගය අද(06) රාත්‍රී 7ට ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදී ආරම්භ වීමට නියමිතයි.
ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩාම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතරයි.
තරගය රාත්‍රී 7.30ට රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ වීමට නියමිතයි.
මේ අතර තරගාවලියේ 48 වන තරගය ලෙසින් ඊයේ(05) දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 8ක ජයක් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වූවා.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළා.
ඒ අනුව නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 155ක් ලබාගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වූවා.
ලකුණු ලබාගැනීමේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ Sameer Rizvi නොදැවී පන්දුවට පහරදෙමින් ලකුණු 40ක් ලබාගැනීමට සමත් වූවා.
Tristan Stubbs ලකුණු 38ක්ද පැතුම් නිශ්ශංක ලකුණු 19ක්ද ලබාගැනීමට සමත් වූවා.
පන්දු යැවීමේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් Noor Ahmad කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූවා.
Akeal Hosein, Mukesha Choudhary, Gurjapneet Singh සහ Jamie Overton එක් කඩුල්ල බැගින් බිඳ හෙලන්නට සමත් වූවා.
ලකුණු 156ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 17.3කදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 159ක් ලබා ගැනීමට සමත් වූවා.
එහිදී Sanju Samson නොදැවී ලකුණු 87ක් ලබාගැනීමට සමත් වූ අතර නොදැවී පන්දුවට පහර දුන් Kartik Sharma ලකුණු 41ක් ලබාගැනීමට සමත් වූවා.
Urvil Patel ලකුණු 17යි.
පන්දු යැවීමේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ Axar Patel සහ Lungi Ngidi එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...