2026 ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය අද අබුඩාබිහීදී නිමා වුණා.
වෙන්දේසිය සදහා ශ්රී ලංකා ක්රීඩකයින් 12 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත්, ඔවුන් අතරින් වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණේ ක්රීඩකයින් පස් දෙනෙකු පමණයි.
ඒ අතරින් වනිදු හසරංග, මතීෂ පතිරණ හා පැතුම් නිස්සංක අලෙවි වූ අතර, දසුන් ශානක හා මහීෂ් තීක්ෂණ මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.
මතීෂ ඉන්දීය රුපියල් කෝටි 18 කට, එනම් ශ්රී ලංකා මුදලින් රුපියල් කෝටි 61 ක පමණ අගයකට අලෙවි වීම කැපී පෙනුණා. (වෙන්දේසියේදී අලෙවි වූ හා නොවූ සම්පූර්ණ ශ්රී ලංකා ක්රීඩක ලැයිස්තුව හා මිල ගණන් පහතින්)
වෙන්දේසියට පෙර ශ්රී ලංකා ක්රීඩකයින් සිව් දෙනෙකු සංචිතවල රදවා ගැනීමට ද කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කර තිබුණා.
ඒ අනුව දුෂ්මන්ත චමීර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්රීඩා කිරීමට නියමිත අතර, සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සදහා කමිදු මෙන්ඩිස් හා ඒෂාන් මාලිංග එළඹෙන තරග වාරයේදී ද ක්රීඩා කිරීමට නියමිතයි.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම නුවන් තුෂාර සංචිතයේ රදවා ගැනීමට තීරණය කර තිබුණා.
ඒ අනුව 2026 තරගාවලිය සදහා ශ්රී ලංකා ක්රීඩකයින් 7 දෙනෙකු ක්රීඩා කිරීමට නියමිතයි.
Base price: INR 2 Crore ⏩ Final bid: INR 18 Crore
⏪ @KKRiders add the impressive Matheesha Pathirana to their squad 💜#TATAIPL | #TATAIPLAuction pic.twitter.com/VLNdVeUxlf
— IndianPremierLeague (@IPL) December 16, 2025
[wpdatatable id=36]

