IPL 2025 : ඉහළම රදවා ගැනීමේ ගාස්තුවක් හිමි වූ ක්‍රීඩකයින් මෙන්න

Date:

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සංචිතවල රදවා ගන්නා ක්‍රීඩක ලැයිස්තුව අද පස්වරුවේ නිවේදනය කෙරුණු බව අප මීට පෙර ඔබට තොරතුරු වාර්තා කළා.

ඒ අනුව ක්‍රීඩකයින් 46 දෙනෙකු සිය සංචිතවල රදවා ගැනීමට සියලු කණ්ඩායම් විසින් තීරණය කර ඇති අතර, ඔවුන්ට ඉතා ඉහළ මිලක් ගෙවීමට ද කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කර තිබෙනවා.

මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ වැඩිම මිලක් යටතේ කණ්ඩායම් විසින් රදවා ගත් ක්‍රීඩකයින් 11 දෙනා පිළිබදවයි.

  1. හෙන්රික් ක්ලාසන් (SRH) – ඉන්දීය රුපියල් කෝටි 23 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 80)
  2. විරාත් කෝලි (RCB) – ඉන්දීය රුපියල් කෝටි 21 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 73)
  3. නිකලස් පූරාන් (LSG) – ඉන්දීය රුපියල් කෝටි 21 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 73)
  4. පැට් කමින්ස් (SRH) – ඉන්දීය රුපියල් කෝටි 18 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 63)
  5. සංජු සැම්සන් (RR) – ඉන්දීය රුපියල් කෝටි 18 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 63)
  6. යශස්වි ජයිස්වාල් (RR) – ඉන්දීය රුපියල් කෝටි 18 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 63)
  7. රුටුරාජ් ගයික්වාඩ් (CSK) – ඉන්දීය රුපියල් කෝටි 18 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 63)
  8. රවීන්ද්‍ර ජඩේජා (CSK) – ඉන්දීය රුපියල් කෝටි 18 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 63)
  9. රෂීඩ් ඛාන් (GT) – ඉන්දීය රුපියල් කෝටි 18 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 63)
  10. ජස්ප්‍රිට් බුම්රා (MI) – ඉන්දීය රුපියල් කෝටි 18 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 63)
  11. අක්සාර් පටෙල් (DC) – ඉන්දීය රුපියල් කෝටි 16.50 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 57)

මීට අමතරව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ෂුබ්මන් ගිල් ද ඉන්දීය රුපියල් කෝටි 16.50 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 57) මිලකට රදවා ගැණුනා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...