IPL 2025 ආරම්භක දිනයේ වෙනසක්

Date:

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මාර්තු 21 වැනිදා කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

තරගාවලියේ අවසන් මහා තරගය මැයි 25 වැනිදා එම ක්‍රීඩාංගනයේදීම පැවැත්වීමට නියමිතව ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩිවය වාර්තා කළේ.

කණ්ඩායම් 10 වෙත යොමු කළ ඊ මේල් පණිවිඩයක් මගින් ඉදිරි වසර තුනට අදාළ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි පැවැත්වෙන දින පසුගිය නොවැම්බර් මාසයේදී තරගාවලියේ සංවිධායකයින් විසින් අනාවරණය කර තිබුණා.

ඒ අනුව 2025 අයි.පී.එල් තරගාවලිය මාර්තු 14 වැනිදා සිට මැයි 25 වැනිදා දක්වා පැවැත්වෙන බවට සදහන් කර තිබූ නමුත්, ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් තරගය මාර්තු 9 වැනිදාට යෙදී ඇති බැවින් එම තරගාවලිය හා අයි.පී.එල් තරගාවලිය අතර පරතරය සති දෙකක් දක්වා ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් මෙලෙස IPL තරගාවලියේ ආරම්භය කල් දමා තිබෙනවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අයි.පී.එල් සංවිධායකයින් මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නොමැති අතර, මෙම මාසය අවසානයේදී අයි.පී.එල් තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කිරීමට ඉඩ පවතිනවා.

කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලිය පෙබරවාරි 7 වැනිදා සිට මාර්තු දෙවැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති බව ද සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...