IPL ප්‍රසාද ලකුණු සටහන නැවතුන තැන

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද(19) සිට යළි ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම්.

කොරෝනා වසංගතය හේතුවෙන් අතරමගදී අත්හිටුවීමට සිදු වූ මෙවර තරගාලියට අදාළව තවත් තරග 31ක් පැවැත්විය යුතු අතර, එම සියලු තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ඒ අනුව මෙවර තරගාවලියේ දෙවන අදියර ආරම්භ කරමින් පස්වරක් අයි.පී.එල් ශූරතාවය දිනා ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද තරග වදින්නේ තෙවරක් අයි.පී.එල් ශූරයින් වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිවයි.

එය 2021 අයි.පී.එල් තරගාවලියේ 30 වන තරගය ලෙසයි පැවැත්වෙන්නේ.

තරගය ඩුබායි හී දී මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය මැයි මාසයේ දී අතරමගදී අත්හිටුවීමට සිදු වූයේ තරගාවලියට අදාළ ජෛව ආරක්ෂිත බුබුලු තුළින් කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන්.

ඒ වන විට තරග 29ක් පවත්වා අවසන්ව තිබුණා. දිල්ලි කැපිටල්ස් හා පංජාබ් කිංග්ස් යන කණ්ඩායම් තරග 8 බැගින් ක්‍රීඩා කර තිබූ අතර, සෙසු සියලු කණ්ඩායම් ක්‍රීඩා කර තිබුණේ තරග 7 බැගින්.

ඒ අනුව දිල්ලි හා පංජාබ් කණ්ඩායම්වලට මෙවර තරග වාරය යටතේ මූලික වටයේ දී තවත් තරග 8ක් ඉතිරිව පවතිනවා. සෙසු කණ්ඩායම්වලට ඉතිරිව ඇති තරග සංඛ්‍යාව 9ක්.

තරගාවලියේ තරග 29ක් අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගෙන සිටියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

ඒ, ඔවුන් ක්‍රීඩා කළ තරග 8න් තරග 6ක් ජය ගනිමින්.(ප්‍රසාද ලකුණු 12)

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරග 7කදී ජයග්‍රහන 5ක් වාර්තා කර ප්‍රසාද ලකුණු 10කට හිමිකම් කියා දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ද තරග 7කදී ජයග්‍රහන 5ක් සමගින් ප්‍රසාද ලකුණු 10ක් හිමි කර ගෙන ඇති අතර, ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ තෙවැනි ස්ථානයේයි.

සිව්වන ස්ථානයේ පසුවන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරග 7කදී ජයග්‍රහන 4ක් වාර්තා කර තිබෙනවා.

ප්‍රසාද ලකුණු සටහන –

IPLT20

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...