IPL තරගාවලිය විදෙස් රටකට රැගෙන යයි ද? මාධ්‍ය වාර්තාවලට ජේ ශාහ්ගෙන් පිළිතුරු

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තරග ඉන්දියාවේ දී පැවැත්වෙන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් තහවුරු කර තිබෙනවා.

ඒ, ඉන්දීය මහ මැතිවරණය හේතුවෙන් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට අවධානය යොමු කර ඇති බවට පල වන මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්.

තරගාවලියේ කිසිදු තරගයක් ඉන්දියාවෙන් පිට නොපැවැත්වෙන බවයි ජේ ශාහ් ක්‍රික්බස් වෙබ් අඩවිය වෙත සදහන් කර ඇත්තේ.

ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 19 වැනිදා සිට ජූනි 4 වැනිදා දක්වා අදියර 7ක් යටතේ පැවැත්වීමට නියමිත බව ඉන්දීය මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා.

එම දින ප්‍රකාශයට පත් කිරීමත් සමග අයි.පී.එල් තරගාවලියේ සමස්ත තරග කාලසටහන ඉදිරියේ දී නිවේදනය කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කරනු ඇති.

මීට පෙර තරගාවලියේ පළමු තරග 21 කට අදාළ තරග කාලසටහන පමණක් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබුවේ ඒ වන විට ඉන්දීය මහ මැතිවරණයේ දින ප්‍රකාශයට පත් කර නොතිබූ බැවින්.

එනම් මේ වන විට නිවේදනය කර ඇත්තේ මාර්තු 22 වැනිදා සිට අප්‍රේල් 7 වැනිදා දක්වා පමණක් වලංගු වන තරග කාලසටහනක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...